Signature නවතම ශාඛාව ගම්පහදී විවෘත වේ

    July, 14, 2026

    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිරිමි ඇඳුම් සන්නාමය වන Signature පසුගියදා සිය නවතම ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත කළේය. අංක 128/1, කොළඹ පාර, ගම්පහ යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව, මෙරට තුළ විවෘත වූ 11 වන Signature ප්‍රදර්ශනාගාරයයි.

    මෙය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස රංජන් රාමනායක සහ වනිඳු හසරංග සහභාගී වූ අතර, ජාතික තලයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද ඊට එක්වූහ. Signature ගම්පහ නගරයට පැමිණීම පාරිභෝගිකයන්ට විශාල සතුටක් වූ අතර, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැමිණීම එම සතුට දෙගුණ තෙගුණ කිරීමට හේතුවක් විය. 

    Signature යනු ශ්‍රී ලංකාවේ පිරිමි විලාසිතා සම්බන්ධ පුරෝගාමී සන්නාමයකි. එම සන්නාමය යටතේ එන නවීන විලාසිතාවන්ට අනුකූල, උසස්ම ප්‍රමිතියෙන් යුත් ඇඟලුම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මින් ඉදිරියට ගම්පහ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ටද අවස්ථාව හිමි වේ. Formal, Ceremonial, Smart Casual, Casual, Linen සහ Party wear ඇතුළු විවිධ වර්ගවලට අයත් ඇඳුම් කට්ටල, කමිස, බ්ලේසර් සහ කලිසම් වර්ග රාශියක් මෙන්ම ලෙදර් නිෂ්පාදන, පාවහන් සහ පිරිමි පළඳනා වර්ග රාශියක්ද මෙම නව ප්‍රදර්ශනාගාරය වෙතින් මිලදීගත හැක. මීට අමතරව කාන්තා සහ ළමා ඇඳුම් වර්ග රාශියක්ද මෙම ප්‍රදර්ශනාගාරයෙන් මිලදීගත හැකි  වන බැවින් එය මුළු පවුලේම ප්‍රියතම සාප්පු සවාරි ගමනාන්තයක් බවට පත් වනු නොඅනුමානය.

    නව ශාඛාව විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් Signature අධ්‍යක්ෂ අම්ජඩ් හමීඩ් මහතා මෙසේ පැවසීය: "ශ්‍රී ලංකාව පුරා අපගේ පාරිභෝගික වෙළඳාම් ආවරණ පරාසය ව්‍යාප්ත කිරීමේ උත්සාහය යටතේ මේ ආකාරයට ගම්පහ ප්‍රදේශයේ Signature ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට හැකි වීම අපට විශාල සතුටක්. අපගේ අවධානය සෑමවිටම යොමු වී ඇත්තේ සුවිශේෂී වටිනාකමකින් යුත්, උසස් තත්ත්වයේ ඇඟලුම් හා විලාසිතා පාරිභෝගිකයින් වෙත ලබා දෙන අතරම ඔවුන්ට විශිෂ්ට සාප්පු සවාරි අත්දැකීමක් තිළිණ කිරීමටයි. මේ ආකාරයට දිවයිනේ ප්‍රධාන ස්ථානවල අපගේ ශාඛා විවෘත කරමින්, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් Signature ඇඟලුම් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට අප දිගින් දිගටම කටයුතු කරනවා.”

    පාරිභෝගිකයන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් විඳගනිමින් සිත් සේ ඇඳුම් පැළඳුම් තෝරාගැනීමට හැකි වන ආකාරයට, මනා ඉඩපහසුවක් සහිතව මෙම නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර තිබේ. Signature හි ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන ICON යටතේ පැමිණෙන ඇඟලුම්වලට අමතරව Her Choice සන්නාමය යටතේ පැමිණෙන කාන්තා ඇඟලුම්, Signature Junior ළමා ඇඟලුම් සහ Campus Shoes පාවහන් ආදිය මෙම ප්‍රදර්ශනාගාරය වෙතින් මිලදීගත හැක.

    තම ප්‍රදර්ශනාගාර 11 ඔස්සේ පාරිභෝගිකයන්ට සිත් සේ ඇඟලුම් තෝරාගැනීමට අවස්ථාව ලබාදීමට අමතරව Signature දිවයින පුරා විසිරුණු 300 කට අධික වෙළඳ නියෝජිත ජාලයක් හරහා තොග මිලදී ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ. මේ සඳහා Signature  විසින් විශේෂ ජංගම යෙදුමක් (Mobile app) ද නිර්මාණය කර ඇති අතර, එමඟින් වෙළඳුන්ට සහ ව්‍යාපාර හිමියන්ට නවතම Signature ඇඳුම් පැළඳුම් පහසුවෙන් පරීක්ෂා කර ඇණවුම් කිරීමට අවස්ථාව හිමි වී ඇත.

    1990 වර්ෂයේදී ආරම්භ වූ Signature මෙරට ඇඟලුම් හා විලාසිතා කර්මාන්තය තුළ ගුණාත්මකභාවය, අලංකාරය සහ ගෙවන මිලට උපරිම වටිනාකම හිමි වීම යනාදිය සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනා ඇත. වර්තමානය වන විට Signature දේශීය වෙළඳපොළ මෙන්ම විදේශීය වෙළඳපොළද ජයගනිමින් සිටින අතර, ශ්‍රී ලංකාව මෙන්ම මාලදිවයින තුළද තම අලෙවිසැල් ජාලය ක්‍රමයෙන් පුළුල් කරමින් සිටී. වෙළඳ කටයුතුවලට අමතරව ක්‍රීඩාවන්ට නන් අයුරින් සහයෝගය ලබාදෙන Signature ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘Official Formal and Casual Clothing Partner’ ලෙසද කටයුතු කරයි. ප්‍රදර්ශනාගාර හරහා මෙන්ම මාර්ගගත ක්‍රමයටද ඇඟලුම් අලෙවි කිරීමට සහ දිවයින පුරා බෙදාහැරීමටද Signature පියවර ගෙන තිබේ. මේ නිසා රට පුරා වෙසෙන පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් Signature ඇඟලුම් මිලදී ගැනීමට හැකි වී ඇත. නවෝත්පාදනය, පාරිභෝගික තෘප්තිය සහ විලාසිතාමය විශිෂ්ටත්වය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම හේතුවෙන් Signature සන්නාමය පාරිභෝගිකයන්ගේ ප්‍රියතම තේරීමක් බවට පත් වී තිබේ.

    ඡායාරූපය:  Signature අධ්‍යක්ෂ අම්ජඩ් හමීඩ් මහතා නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ ප්‍රධාන ආරාධිතයන් සහ සෙසු සම්භාවනීය ආරාධිතයන් සමඟ