July, 14, 2026
ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් මඟ බලා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැග් රග්බි (Tag Rugby) ක්‍රීඩා තරගාවලිය වන ක් C Rugby තරගාවලිය, සිය 10 වැනි අභිමානවත් සංවත්සරය සනිටුහන් කරමින් මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම සුවිශේෂී ක්‍රීඩා සැණකෙළිය එළඹෙන ජූලි 17 සහ 18 යන දෙදින පුරා කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
දශකයක සාර්ථකත්වය සමරන මෙවර තරගාවලිය, සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය නව බලාපොරොත්තු සහ නවතම තරග රටාවන් රැසක් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එනු නිසැකය. උද්වේගකර ක්‍රීඩාශීලී තරගකාරීත්වය, සජීවී සංගීතය සහ විචිත්‍රවත් සැණකෙළි අත්දැකීමක් එකට මුසු කරමින් සංවිධානය කර ඇති මෙම දෙදින සැණකෙළිය, පැමිණෙන සැමටම කිසිදා අමතක නොවන සුපිරි ක්‍රීඩා අත්දැකීමක් ඔබට ලබා දෙනු නොඅනුමානයි.
ආදි ශිෂ්‍යයන්ගේ සුහද හමුවක් ලෙස ඇරඹි මෙම තරගාවලිය, අද වන විට සුවිශේෂී ක්‍රීඩා සංස්කෘතියක් බවට පත්ව තිබේ. මෙවර තරගාවලියේ සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින් ආයතනික අංශයේ තරග සහ ප්‍රදර්ශන තරග හඳුන්වා දෙනු ලබයි. ඒ අනුව පාසල් මෙන්ම ආයතනික අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් මෙවර තරග බිමට පිවිසීමට නියමිතය. ක්‍රීඩාව සහ සහෝදරත්වය පෙරදැරි කරගත් මෙම සුවිශේෂී තරග රටාව, ක්‍රීඩා ලෝලීන්ට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.”
මෙම සුවිශේෂී ටැග් රග්බි තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ප්‍රවීණ රග්බි ක්‍රීඩක සහ ජාත්‍යන්තර විනිසුරු ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා (හිටපු ඉසිපතන, CR&FC සහ ජාතික ක්‍රීඩක) ප්රමුඛ AGOAL International ආයතනය විසිනි. මෙවර තරගාවලිය වඩාත් උත්කර්ෂවත් කිරීම සඳහා Cinnamon Hotels, Iodex, Red Bull, Frosty, CR&FC සහ YES 101 ආයතන නිල සහකරුවන් ලෙස එක්ව සිටියි.
මෙවර තරගාවලිය සඳහා ත්‍රිත්ව/හිල්වුඩ්, රාජකීය/විශාඛා, ඉසිපතන/ශාන්ත පාවුළු, ශාන්ත ජෝසප්/ශාන්ත බි්රජට්, තර්ස්ටන්/දේවි බාලිකා, වෙස්ලි/මෙතෝදිස්ත, ආනන්ද/මියුසියස් සහ ශාන්ත සිල්වෙස්ටර්/ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් කණ්ඩායම් එක්වෙයි. මීට අමතරව, තරගාවලියට නව මුහුණුවරක් දෙමින් London Stock Exchange, Commercial Bank, WNS, Hutch, Cinnamon Colombo Hotels, Acorn Group, Dialog Axiata සහ CDB Finance යන කණ්ඩායම් ද මෙවර කුසලානය වෙනුවෙන් කරට කර සටනක නිරත වනු ඇත.


Video Story