September, 30, 2016
තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්තානයේ අන්තර් පළාත් සම්බන්ධීකරණ අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා පාකිස්තාන ඉස්ලාමීය ජනරජය අතර තරුණ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇති බවත්, පාකිස්තාන රජය විසින් ඒ සඳහා පසුව ඉදිරිපත් කරන ලද සංශෝධන ද ඇතුළත් කර සකස් කරනු ලැබ ඇති සංශෝධිත අවබෝධතා ගිවිසුමකට මෙසේ අත්සන් තබන බවත් රජය නිවේදනය කර සිටී.