Ritzbury Roccoa සමඟින් මිල කළ නොහැකි ශ්‍රේෂ්ඨ ලෝක පාපන්දු ක්‍රීඩකයින් දෙපළකගේ සිහිවටන ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් වෙත

    July, 15, 2026

    ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, ජාත්‍යන්තර පාපන්දු තරුවක් වන ලයනල් මෙසී විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද, සැබෑ 2026 ආර්ජන්ටිනා ජර්සියක් හිමිකර ගැනීමට අවස්ථාව එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට උදාවී තිබේ. මෙය, ලොව පුරා මිලියන ගණනක් දෙනා විසින් පාපන්දු ක්‍රීඩාවේ සදාකල් විශිෂ්‍ටතමයා (The GOAT) ලෙස ගෞරව කරනු ලබන ක්‍රීඩකයෙකුගේ සුවිශිෂ්ට උරුමය නියෝජනය කරනා මිල කළ නොහැකි අයිතමයක් වනු ඇත.

    2026 පාපන්දු ලෝක කුසලානය සම්බන්ධ උද්‍යෝගය පාපන්දු ලෝලී සෑමදෙනෙකු තුළම පිරී ඉතිරෙමින් පවතින මේ මොහොතේ, Ritzbury Roccoa විසින් පාපන්දු ලෝලීන්ට ලබා දෙන්නේ තවත් එක් සමරු සිහිවටනයක් නොවේ. ලයනල් මෙසීගේ අවසන් FIFA ලෝක කුසලාන සහභාගීත්වය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන මෙම සැබෑ ආර්ජන්ටිනා ජර්සිය ලෝක පාපන්දු ඉතිහාසයේ තීරණාත්මක අයිතමයක් ලෙසින් හඳුන්වා දිය හැක. මේ මොහොතේදී එය දුර්ලභ අයිතමයක් පමණක් වුවත්, මෙම ජර්සියට තිබෙන ඓතිහාසික වටිනාකම පරම්පරා ගණනාවක් තිස්සේ වර්ධනය වනු ඇත. ඒ අනුව මෙය සැබවින්ම යම් අයෙකුට ජීවිත කාලයකටම වරක් ලබාගැනීමට භාග්‍යය උදාවෙන මහඟු ත්‍යාගයක් යැයි කිව හැකි වේ.

    මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන, 2026 අගෝස්තු 20 වන දින දක්වා වලංගු වේ. ඒ අනුව, ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්ට Ritzbury Roccoa චොකලට් එකක් මිලදී ගෙන, එහි තිබෙන QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ Roccoa සමාජ මාධ්‍ය තුළ තිබෙන උපදෙස් අනුගමනය කිරීමෙන්, මෙම තරගය පැවැත්වෙන වෙබ් අඩවියට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත. එක් අයෙකුට මෙම තරගය සඳහා තමන්ට කැමති තරම් වාර ගණනක් ඇතුළු විය හැකි අතර, ඔබ මිලදී ගන්නා සෑම Ritzbury Roccoa චොකලට් එකක්ම, එක් ඇතුළත් වීමක් ලෙසින් ගණනය වනු ඇත.

    නිලුක්ෂ බැස්ටියන්ස්, සාමාන්‍යාධිකාරී (අලෙවි), CBL Foods International (පුද්.) සමාගම මේ පිළිබඳව මෙසේ පැවසීය.පාපන්දු ක්‍රීඩාවට ලොව පුරා සිටින ප්‍රජාවන් එකට එක් කිරීමට වගේම, ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවන මතකයන් නිර්මාණය කර දෙන්නත් සුවිශේෂී හැකියාවක් තිබෙනවා. Ritzbury අපි සෑමවිටම අපගේ පාරිභෝගිකයින් සමඟ අර්ථවත්ව සම්බන්ධ වීමටත්, සැමදා ඔවුන්ට අගනා අත්දැකීම් නිමාණය කර දීමටත් ක්‍රම සොයාගන්නවා. 2026 පාපන්දු ලෝක කුසලානය වටා උණුසුම් අපේක්ෂාවන් ගොඩනැගෙමින් පවතින මේ මොහොතේ, අප විසින් දියත් කරන මෙම ප්‍රවර්ධන වැඩසටහන, ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්ට සැබවින්ම අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමටත්, පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක කොටස්කරුවන් වීමටත් අවස්ථාව උදා කර දෙනු නොඅනුමානයි.”

    මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා පවතින උද්‍යෝගය තවත් කුළුගන්වමින්, Ritzbury Roccoa විසින්, මෙම තරගයට සහභාගී වන ක්‍රීඩා ලෝලීන්ට ලෝක පාපන්දු ක්‍රීඩාවේ තවත් සංකේතයක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද පෘතුගාල ජර්සියක් දිනා ගැනීමටද අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ. එයටත් අමතරව, මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා තවත් ත්‍යාග 300ක් ද පාපන්දු ලෝලී Ritzbury පාරිභෝගිකයින් වෙනුවෙන්ම ලබාදීමට සූදානම් කර ඇත. ඒ අනුව, දින 30 ක කාලයක් මුළුල්ලේ, සෑම දිනකම තෝරා ගන්නා ලද ජයග්‍රාහකයින් 10 දෙනෙකුට සුවිශේෂීව සකස් කරන ලද පාපන්දු ජර්සි ලබා ගැනීමේ අවස්ථාවද Ritzbury Roccoa විසින් උදා කර දේ. ඒ අනුව ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්ට, තමන්ට වටිනා විශේෂ සිහිවටනයක් හිමි කර ගැනීමට තවත් අවස්ථාවන් රැසක් හිමි වනු ඇත.

    "ශ්‍රී ලංකාවට ප්‍රථම වරට මෙවැනි අවස්ථාවක් ගෙන ඒම පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන දේශීය ප්‍රජාවට ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් පාපන්දු ක්‍රීඩාව දැවැන්ත වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින මෙම අවස්ථාවේදී, මෙවැනි අත්දැකීමක් ඔස්සේ පාපන්දු ක්‍රීඩාව, ප්‍රජාවගේ සිත් සතන් තුළට වඩාත් සමීප වෙමින්, පාපන්දු ක්‍රීඩාව සඳහා වැඩි උද්‍යෝගයක් ඇති කරනු නොඅනුමානයි. පාපන්දු ක්‍රීඩාවට ප්‍රජාව ලඟා කරවීමට නව ආකර්ශනීය ක්‍රම සහ විධි සොයාගන්නා, මීළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් සහ පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වූවන් දිරිමත් කරන, එමෙන්ම ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රජාවේ අඛණ්ඩ වර්ධනයට දායකත්වය ලබාදෙන මෙවැනි අවස්ථාවන් අපට බොහෝ වටිනවා." යනුවෙන්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් විසින් ප්‍රකාශ කරන්නට යෙදිණි.

    ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු පුරාවෘත්තයන් දෙකක් නියෝජනය කරනා අමිල සිහිවටනනයන් දෙකක් අත්පත් කර ගැනීමට අවස්ථාවක් සැලසී තිබෙන බව සිත්හි තබාගනිමින්, මෙම ප්‍රවර්ධන වැඩසටහනට එක් වන ලෙසට, Ritzbury Roccoa විසින් ශ්‍රී ලංකාව පුරා සිටින සිය පාරිභෝගිකයින්ට ආරාධනා කර සිටී. මේ මොහොතේ ලෝකයම වෙලාගෙන තිබෙන පාපන්දු උණුසුමට එක් වෙමින්, තමන්ගේ ප්‍රියතම Ritzbury Roccoa චොකලට් එකක් රස බලමින්, ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පිරිනැමුණු වටිනාම පාපන්දු මතක සටහනක් තමන්ටම හිමි කර ගැනීමට ලැබෙන මෙම අවස්ථාව අහිමි කර නොගන්නා ලෙසට Ritzbury Roccoa තම පාරිභෝගිකයින්ට සිහිපත් කර සිටී. මෙය පාපන්දු ලෝලියෙකුට, ලෝක පාපන්දු ඉතිහාසයේ සදාකාලික මතකයක් තමන්ටම හිමි කර ගැනීමට ජීවිත කාලයටම වරක් ලැබෙන අවස්ථාවක් බවද ඔවුන් සිහිපත් කර සිටී.

    Ritzbury Roccoa විසින් ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වන Lionel Messi විසින්ම අත්සන් කරන ලද 2026 ආර්ජන්ටිනා පාපන්දු ජර්සිය එළිදක්වන ලද අවස්ථාව. මෙම පාපන්දු ලෝලී ශ්‍රී ලාංකිකයන්ට ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන මිල කළ නොහැකි ඓතිහාසික සමරු සටහනකි.

    CBL Foods International (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුක්ෂ බැස්ටියන්ස් මහතා සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා, Lionel Messi විසින් සමරු අත්සන තබන ලද 2026 FIFA ලෝක කුසලාන ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ජර්සියේ සත්‍යතාව තහවුරු කිරීමේ සහතිකය සමඟ.

    වමේ සිට: Ritzbury සන්නාම කළමනාකරු දුලන්ජන් අබේසේකර, CBL Foods International (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුක්ෂ බැස්ටියන්ස්, Ritzbury අලෙවි කළමනාකරු අරුණ ලියනපතිරණ සහ Ritzbury සහකාර සන්නාම කළමනාකරු රන්දුල වික්‍රමාරච්චි යන මහත්වරුන් Lionel Messi  විසින් සමරු අත්සන තබන ලද 2026 ලෝක කුසලාන ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ජර්සිය එළිදැක්වූ අවස්ථාව