July, 17, 2026
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත.
2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත.
මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911 (4%) ක් ධාවන තත්ත්වයේ නොපවතින වාහන ලෙසත් හඳුනාගෙන තිබේ.
මේ අතර රජයට අයත් සමස්ත වාහන සංඛ්‍යාවෙන් 46,708ක් වසර 15ට වඩා පැරණි වාහන බව මෙම පද්ධතිය පෙන්වා දේ. මෙය සමස්ත වාහන ප්‍රමාණයෙන් 48.64%ක් වේ.
එසේම වසර 1-5 අතර වයස් කාණ්ඩයේ තිබෙන වාහන සංඛ්‍යාව 6,864ක් හෙවත් 7%ක් බව NFAMS පද්ධතිය අනාවරණය කර ඇත.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙ (වාර්ෂික වාර්තාව) හි මේ බව සඳහන් වේ.
2026 මැයි 18 දිනට රාජ්‍ය ආයතන විසින් NFAMS හි වාර්තා කළ පරිදි රජයේ සමස්ත වාහන සංඛ්‍යාවෙහි වයස් විශ්ලේෂණය පහත පරිදි වේ.


Video Story