October, 3, 2016
සිය නවසීලන්ත සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට පසුගිය දා පියවර ගනු ලැබීය. නවසීලනත්යේ ඔක්ලන්ඩ් නුවර වෙළෙඳ හා ව්‍යවසායික මධ්‍යස්ථානයේ දී මෙම හමුව පැවැත්විණි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ විශාල දූත පිරිසක් පිරිසක් සමඟ නවසීලන්තයට පැමිණීමට එක් හේතුවක් වූයේ දෙරට අතර සබඳතාවල දී වාණිජමය අංශය වැඩිදියුණු කරගැනීම බවයි. මෙහිදී රටවල් දෙකම නව වෙළෙඳපොළවල් මෙන්ම නව නිෂ්පාදිත සොයා ගැනීමට කටයුතු කළ යුතු බවත්ය.
නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවක් ඔස්සේ ඉන්දියානු සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව විවෘත කරලීමට බලාපොරොත්තු වන බවත් වරාය හා තොටුපළ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් ලෝකය සමඟ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
https://www.youtube.com/watch?v=nK8y1YGFhOg
Video Story