July, 20, 2026
කාන්තාවන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම යනු හුදෙක් ආයතනික අරමුණක් පමණක් නොව, රටක සාමූහික ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බව DFCC බැංකුව දැඩිව විශ්වාස කරයි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායිකාවන්, පවුල පෝෂණය කරන්නන්, රැකබලාගන්නන්, වෘත්තිකයන් මෙන්ම තීරණ ගන්නන් ලෙස සමාජයට සහ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අතිමහත්ය. එහෙත්, විධිමත් මූල්‍ය සේවාවන් වෙත ළඟාවීම, මූල්‍ය විශ්වාසනීයත්වය ගොඩනඟා ගැනීම, ව්‍යාපාර පුළුල් කිරීම සහ දිගුකාලීන මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය සැබෑ ආත්මවිශ්වාසය ගොඩනඟා ගැනීමේදී ඔවුන් තවමත් විවිධ බාධකයන්ට මුහුණ දෙති. මෙම යථාර්ථය හඳුනාගනිමින්, හුදෙක් සාමාන්‍ය බැංකුකරණයෙන් ඔබ්බට ගොස් කාන්තාවන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය, දැනුම, සබඳතා ජාලයන් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීම වෙනුවෙන්ම DFCC ආලෝකා හඳුන්වා දී තිබේ.
වසර හැත්තෑවකට අධික අභිමානවත් සේවා ඉතිහාසයක් දෙස ආපසු හැරී බලන DFCC බැංකුව, රටේ සංවර්ධන ගමන සමඟ එක්ව තම කාර්යභාරය කාලීනව වෙනස් කර ඇති ආකාරය DFCC ආලෝකා මඟින් මනාව පැහැදිලි වේ. මෙය සාම්ප්‍රදායික, 'නිෂ්පාදන කේන්ද්‍ර කරගත්' බැංකුකරණයෙන් බැහැරව, මිනිස් ජීවිතවල සැබෑ අවශ්‍යතා සහ අත්දැකීම් මත පදනම් වූ 'අරමුණක් සහිත' බැංකු ආකෘතියක් වෙත තැබූ පියවරකි. මෙහිදී කාන්තාවකගේ මූල්‍යමය ගමන් මඟ සැමවිටම සරල රේඛීය එකක් නොවන බව වටහා ගැනීම ඉතා වැදගත්ය. ඇතැම් කාන්තාවන් ස්වයං රැකියා හෝ නිවසේ සිට කුඩා පරිමාණ ව්‍යවසායන් සිදුකරන අතර, තවත් පිරිසක් නැඟී එන 'ගිග් ආර්ථිකයට' (Gig economy) දායක වෙති. තවත් සමහරුන් තම කුඩා ව්‍යාපාර විධිමත් මට්ටමකට ඔසවා තැබීමට, පවුලේ ආර්ථිකය කළමනාකරණය කිරීමට හෝ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා වෙහෙසෙති.
2026 වසර වන විට, විවිධ ප්‍රදේශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන් 130,000කට අධික පිරිසක් සවිබල ගැන්වීමට DFCC ආලෝකා සමත්ව ඇත. ඔවුන් වෙත මූල්‍ය සේවාවන්, ව්‍යාපාරික සංවර්ධන සහාය, උපදේශන සහ ණය පහසුකම් නොමඳව ලබාදී තිබේ. මෙම සාර්ථකත්වය තුළින් පැහැදිලි වන්නේ, කාන්තාවන් යනු එකම මට්ටමක පසුවන පිරිසක් නොවන බවයි. ඔවුන් රටේ ආර්ථිකය මෙහෙයවන විවිධත්වයෙන් යුතු සජීවී බලවේගයක් වන අතර, එවැනි කාන්තාවන් වෙනුවෙන්ම මෙවැනි මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමේ කාලීන වටිනාකම මින් මනාව පැහැදිලි වේ.
DFCC ආලෝකා හි ඇති ප්‍රධානතම ශක්තිය වන්නේ කාන්තාවන්ට හුදෙක් මූල්‍ය ප්‍රවේශය ලබාදීමට පමණක් සීමා නොවී, ඔවුන් තුළ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමයි. ගිණුමක් විවෘත කිරීම හෝ ණයක් ලබා ගැනීම වැදගත් වුවද, එම මූල්‍ය මෙවලම් ඵලදායී ලෙස භාවිත කිරීමට අවශ්‍ය දැනුම, සබඳතා සහ මඟපෙන්වීම ලැබෙන විට කාන්තාවන්ගේ ආත්මවිශ්වාසය තව තවත් තහවුරු වේ. මේ වෙනුවෙන්ම සංවිධානය කරන වැඩමුළු, උපදේශන සැසි, සමකාලීන ව්‍යවසායිකාවන්ගේ සංසද සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් හරහා කාන්තාවන්ට නිදහසේ ඉගෙන ගැනීමට, ප්‍රශ්න ඇසීමට සහ අත්දැකීම් බෙදාගනිමින් නිවැරදි තීරණ ගැනීමට සුදුසු වටපිටාවක් DFCC බැංකුව විසින් නිර්මාණය කර ඇත. 'DFCC බැංකුවේ ව්‍යවසායිකාවන්ගේ සංසදය' යනු ප්‍රායෝගික දැනුම සහ සැබෑ ජීවන අත්දැකීම් මූල්‍ය අධ්‍යාපනය සමඟ බද්ධ කළ එවැනි අගනා පියවරකි.
DFCC ආලෝකා හි සේවාවන් වඩාත් පුළුල් සහ අර්ථාන්විත කිරීමට විවිධ පාර්ශවයන් සමඟ ඇති කරගත් සාර්ථක සහයෝගීතාවන් ඉමහත් පිටුවහලක් වී ඇත. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC), Uber Sri Lanka, රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආයතනය (IHB) සහ Chrysalis වැනි සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින්, විධිමත් සහ නැඟී එන ආර්ථික ක්ෂේත්‍ර රැසක නිරත කාන්තාවන් වෙත ළඟාවීමට DFCC බැංකුව සමත් වී තිබේ. සාම්ප්‍රදායික බැංකු ක්‍රමවේදයන් සමඟ නිතර සම්බන්ධ නොවන, විශේෂයෙන්ම කුඩා පරිමාණ ව්‍යවසාය, ස්වයං රැකියා සහ සේවා සැපයීමේ ක්ෂේත්‍රවල නියැලෙන කාන්තාවන්ට බැංකු සේවාවන් සමීප කිරීමට මෙම හවුල්කාරිත්වයන් මඟපාදයි.
ශ්‍රී ලංකාවේ නිල නොවන ආර්ථිකය බොහෝ දුරට රඳා පවතින්නේ කාන්තා ශ්‍රමය මත වුවද, විධිමත් මූල්‍ය පද්ධති තුළ ඔවුන්ගේ දායකත්වය නිසි ලෙස ඇගයීමට ලක්වන්නේ කලාතුරකිනි. DFCC ආලෝකා මඟින් මෙම අඩුව පුරවමින් කාන්තාවන් බැංකු පද්ධතියට ඇතුළත් කර ගැනීමටත්, ඉතුරුම් පුරුදු වර්ධනය කිරීමටත්, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් හඳුන්වා දීමටත් කටයුතු කරයි. එමඟින් අනාගතයේදී ඔවුන්ට පහසුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය වාර්තා ස්වයංක්‍රීයවම ගොඩනැඟේ. නිදසුනක් ලෙස, Uber ආයතනය සමඟ එක්ව කාන්තා රියදුරන් සහ අනෙකුත් සේවිකාවන් වෙනුවෙන් බැංකු මෙවලම් මෙන්ම දිගුකාලීන මූල්‍ය උපදෙස් ලබාදීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මූල්‍ය සමානාත්මතාව ඇති කළ යුත්තේ කාන්තාවන් දැනට පසුවන තැනින්ම ඔවුන්ව ඔසවා තැබීමෙන් බව මෙම ප්‍රවේශය මඟින් මනාව පැහැදිලි කරයි.
කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Micro, SME) කෙරෙහි ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරේ. මෙම ව්‍යාපාර ආරම්භයේදී කුඩාවට පෙනුනද, ඒවායේ සැබෑ බලපෑම පවුල, ප්‍රජාව දේශීය සැපයුම් දාමයන් මෙන්ම දළ දේශීය නිෂ්පාදිතය පුරා විහිදී යයි. DFCC ආලෝකා හරහා ව්‍යවසායිකාවන්ට නම්‍යශීලී ණය ක්‍රමවේදයන්, තමන්ගේ ක්ෂේත්‍රයට ගැළපෙන සහයෝගය සහ තමන්ගේ කාලවේලාව මෙන්ම පවුලේ වගකීම් සහ ව්‍යාපාරික අරමුණු සැලකිල්ලට ගත් සැබෑ මඟපෙන්වීමක් හිමිවේ. ආහාර නිෂ්පාදිකාවක, ඇඟලුම් නිර්මාණශිල්පිනියක, රූපලාවන්‍ය ශිල්පිනියක හෝ වෙළඳ ව්‍යවසායිකාවක වේවා, DFCC බැංකුවෙ හි මෙම ප්‍රවේශය සැමට පොදු වූවක් නොව, එක් එක් කාන්තාවගේ වටිනාකමට ගරු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළකි.
මෙම අරමුණ තවදුරටත් ශක්තිමත් කරමින්, DFCC ආලෝකා විසින් ව්‍යාපාර 100ක් පුරා රුපියල් මිලියන 600ක සහනදායී ණය පහසුකම් සාර්ථකව පිරිනමා ඇති අතර, එමඟින් කාන්තා ව්‍යවසායන් ස්ථාවරව හා විශ්වාසයෙන් යුතුව ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි වී තිබේ. ආර්ථික වශයෙන් ස්ථාවරත්වය සහ වර්ධනය අපේක්ෂා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහනදායී මූල්‍ය පහසුකම් අත්‍යවශ්‍යම මොහොතක, මෙම පියවර ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකි.
DFCC ආලෝකා සිය ඉදිරි මෙහෙවර කරා පියනඟද්දී, සැමට ප්‍රතිලාභ ලැබෙන පරිදි රටේ සමස්ත ආර්ථිකය සංවර්ධනය කිරීමේ DFCC බැංකුවෙ හි දිගුකාලීන දැක්ම සමඟ එය මනාව බද්ධ වී පවතී. මෙහි මීළඟ අදියරේදී ණය ප්‍රවේශයන් තවදුරටත් පුළුල් කිරීම, නිෂ්පාදන සහ අලෙවිකරණ ක්‍රියාවලීන් සඳහා කාන්තා දායකත්වය වැඩි කිරීම, ග්‍රාමීය මට්ටමින් මූල්‍ය සාක්ෂරතාවය නැංවීම මෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින තවත් කාන්තාවන් රැසක් වෙත සමීප වීම අරමුණු කෙරේ.
සැබවින්ම DFCC ආලෝකා පදනම් වී ඇත්තේ ඉතා සරල එහෙත් ප්‍රබල අදහසක් මතය. එනම්, කාන්තාවකගේ ආර්ථික ශක්තිය හඳුනාගෙන, ඇයට නිසි සහයෝගය සහ වටිනාකම ලබාදෙන විට, එහි ප්‍රතිලාභ හුදෙක් ඇයට පමණක් සීමා නොවන බවයි. එවිට පවුල් ඒකක ශක්තිමත් වේ, ව්‍යාපාර ස්ථාවර වේ, මුළු මහත් සමාජයම නව ප්‍රගතියක් කරා ගමන් කරයි. DFCC ආලෝකා හරහා DFCC බැංකුව නිරන්තරයෙන්ම වෙහෙසෙන්නේ කාන්තාවන් සතු සහජ හැකියාවන් සැබෑ ජයග්‍රහණ බවට පත් කරමින්, ඔවුන්ව රටේ ආර්ථිකයේ නොමැකෙන කොටස්කරුවන් බවට පත් කිරීමටයි.