HMD වෙතින් සහන මිලට කල්පවතින HMD සහ Nokia දුරකථන පෙළක්

    July, 21, 2026

    Nokia 110 Power, HMD 100, HMD 102 සහ Nokia 105 මාදිලි දැන් වෙළඳපොළේ

    යුරෝපයේ ප්‍රමුඛතම ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Human Mobile Devices (HMD) සමාගම HMD 100, HMD 102, Nokia 105 සහ Nokia 110 Power යන නව Feature phone වර්ගයේ දුරකථන පෙළක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. HMD යනු ලෝ ප්‍රකට Nokia දුරකථන නිෂ්පාදනය කරන සමාගමයි. Nokia සන්නාමයේ දීර්ඝකාලීන විශ්වාසය සමඟ නවීනත්වය සුසංයෝග කරමින්, දේශීය පාරිභෝගිකයන්ගේ  අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට මෙම දුරකථන මාදිලි පෙළ නිෂ්පාදනය කර තිබේ.

    මෙරට ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් තවමත් සිය දෛනික සන්නිවේදන අවශ්‍යතා සඳහා Feature Phones (බටන් ෆෝන්) භාවිතා කරති. ඊට සමගාමීව වෘත්තිකයන් සහ සංචාරකයන් විශාල පිරිසක් අත්‍යවශ්‍ය සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විශ්වාසනීය විකල්පයක් ලෙස මෙන්ම ඩිජිටල් ඇබ්බැහියෙන් තරමක් දුරට ඈත් වීම සඳහා කදිම විසඳුමක් ලෙසද මෙම දුරකථන භාවිතයට යොමු වී ඇත.බැටරිය වැඩි වෙලාවක් පැවතීම, කල්පැවැත්ම, එදිනෙදා භාවිතයට සුදුසු වීම සහ පහසු මිලකට ලබාගත හැකි වීම වැනි  පාරිභෝගිකයන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන සාධක කෙරෙහිද අවධානයක් ලබා දී ඇත.

    මෙම  දුරකථන කාණ්ඩ අතර ප්‍රමුඛතම මාදිලිය වන්නේ වැඩිදියුණු කරන ලද Nokia 110 Power මාදිලියයි. එය කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය සමඟ  දින 15.5 ක් දක්වා standby කාලයක් ලබා දෙන බලවත් 1750 mAh බැටරියකින් සමන්විත වේ.   මෙය දුරකථන භාවිතා කරන්නන්ට සිය දුරකථන දිනපතා ආරෝපණය  කිරීමට (Charging the phone battery) සිදු වීමේ ගැටලුවට මනා විසඳුමකි. LED ෆ්ලෑෂ් සහිත කැමරාවක්, Built-in MP3 ප්ලේයරයක් සහ රැහැන් රහිත FM රේඩියෝවක් වැනි විශේෂාංග රැසක් සහිතව පැමිණෙන Nokia 110 Power දුරකථනවල මතක ධාරිතාව (Memory Capacity) තවදුරටත් පුළුල් කළ හැකි වේ. මීට සමගාමීව හඳුන්වා දී ඇති නව Nokia 105 මාදිලිය, සරල බව සහ පහසු මිල එක්තැන් කරන, දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා කදිම විශ්වාසනීය තේරීමකි.

    නවීන පෙනුමක් ඇති HMD 102 මාදිලය, කවාකාර දාර සහිත මෘදු පෙනුමක් සහ නිමාවක් ඇත. එහි කැමරා ස්ථානගත කර ඇත්තේ ස්මාර්ට්ෆෝන් සම්ප්‍රදායෙන් ආභාසය ලබමිනි. එයට ෆ්ලෑෂරය සහිත කැමරාවක්, MP3 ප්ලේයරයක්, රැහැන් රහිත FM රේඩියෝවක්, ස්වයංක්‍රීය ඇමතුම් රෙකෝඩරයක් සහ ටෝච් එකක් වැනි, එදිනෙදා ජීවිතයේදී නිතර අවශ්‍ය වන විශේෂාංග රැසක්ද ඇතුළත් වී ඇත. මීට සමගාමීව වෙළඳපොළට පැමිණෙන, ආරෝපණය දිගු කල් පවතින බැටරියක්, කල් පවතින නිමාවක් සහ ප්‍රයෝජනවත් ද්විත්ව LED ටෝච් එකක් සහිත HMD 100 මාදිලිය,  මිලට උපරිම වටිනාකමක් එක කරයි.

    "ශ්‍රී ලංකාව යනු විශ්වාසනීය මූලික සන්නිවේදන පහසුකම් ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත් වී ඇති රටක්. ඒ නිසා ශ්‍රී ලංකාව වෙළඳපොළක් වශයෙන් අපට ඉතාමත් වැදගත්. මෙම නව දුරකථන මාදිලි එකතුව පාරිභෝගිකයන්ට ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමි වන, උසස්ම ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන පෙළක් ලෙස හැඳින්විය හැකියි. Nokia 110 Power හි දීර්ඝ බැටරි ආයු කාලය සහ HMD මාදිලිවල සහනදායී මිල යනාදී සාධක පාරිභෝගිකයන්ගේ විශේෂ අවධානයට ලක් වේවි. ඉදිරියටත් උසස්ම ප්‍රමිතියෙන් යුත් කල් පවතින දුරකථන සහනදායී මිලගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ලබාදීම අපගේ අරමුණයි. " HMD  හි සාමාන්‍යාධිකාරී (Emerging Asia) විවේක් කන්ඩේල්වාල් මහතා පැවසීය.

    “Feature phone වර්ගයේ දුරකථන තවමත් ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල අනිවාර්ය සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා වනවා. අපගේ නව දුරකථන එකතුව, Nokia දුරකථනවල සුපුරු කල්පැවැත්ම සහ HMD සතු නවීන, ප්‍රයෝගික තාක්ෂණයන් එක්තැන් කරන දුරකථන මාදිලි පෙළක් ලෙස හැඳින්විය හැකියි. ශක්තිමත් නිමාවකින් යුත්, සහනදායී මිලගණන් යටතේ ලබාගත හැකි සහ දේශීය පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතාවලට ඉතාමත් හොඳින් ගැළපෙන දුරකථන පෙළක් අප වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.” HMD හි ශ්‍රී ලංකාව, නේපාලය සහ සිංගප්පූරුව යන රටවල් සඳහා ප්‍රධානී ගයාන් විජේතිලක මහතා පැවසීය.

    එදිනෙදා භාවිතයට හොඳින් ගැළපෙන පරිදි නිෂ්පාදන කර ඇති මෙම සෑම දුරකථන මාදිලියකටම වසරක වගකීමක් හිමි වේ. HMD 100, HMD 102, New Nokia 105 සහ Nokia 110 Power යන දුරකථන මාදිලි දැන් මෙරට තුළ HMD බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Softlogic Communications වෙතින් සහ දිවයින පුරා ප්‍රධාන පෙළේ අලෙවි නියෝජිතයන්ගෙන් මිලදීගත හැක.

    (වමේ සිට) එදිනෙදා භාවිතය සහ කල්පැවැත්ම සඳහාම නිර්මාණය කර ඇති HMD 100, HMD 102, Nokia 105 සහ Nokia 110 Power දුරකථන මාදිලි

     

    ඡායාරූප විස්තරය : (වමේ සිට) HMD හි සාමාන්‍යාධිකාරී (Emerging Asia) විවේක් කන්ඩේල්වාල් මහතා සහ HMD හි ශ්‍රී ලංකාව, නේපාලය සහ සිංගප්පූරුව යන රටවල් සඳහා ප්‍රධානී ගයාන් විජේතිලක මහතා