සාරද ද සිල්වා HVA අධ්‍යක්ෂ මණ්ඩලයට

    October, 3, 2016

    ශ්‍රී ලංකා කුළුබඩු කවුන්සිලයේ සමාරම්භක සභාපතිවරයා සහ විශේෂයෙන්ම කුරුඳු ඇතුළු මෙරට කුළුබඩු කර්මාන්තය පිළිබඳ වසර 40 ක පමණ හසළ අත්දැකීම් ඇති අයෙකු වන සාරද ද සිල්වා මහතා HVA ෆුඩ්ස් පීඑල්සී හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත් වී තිබේ. 2016 ඔක්තෝබර් 01 වැනි දින සිට මෙම පත්වීම බලපැවැත්වෙන බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

    බී. දාසින් ද සිල්වා සහ පුත්‍රයෝ (පුද්) සමාගමේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සාරද ද සිල්වා මහතා සිනමන් ට්‍රේඩිං ඇකඩමි ලිමිටඩ් හා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් යන සමාගම්වල ද සභාපතිවරයා වේ.

    පහත දැක්වෙන්නේ සාරද ද සිල්වා මහතා අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවකි.

    https://www.youtube.com/watch?v=sgYG9cCqvRI