October, 3, 2016
පසුගිය සැප්තැම්බර් 28 වන දින පැවති මහා සභා රැස්වීමේ දී සිලෝන් ටී සර්විසස් පීඑල්සී හි සමාගම් නාමය වෙනස් කරන ලද බව, සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
මේ අනුව සමාගමේ නව නාමය ‘ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී‘ යනුවෙන් වෙනස් වී තිබේ.
අගය එකතු කළ තේ නිෂ්පාදිත නිෂ්පාදනය හා අපනයනය ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී හි මූලික ව්‍යාපාරය වේ.
මෙරට ප්‍රමුඛතම තේ අපනයනකරුවකු වන මෙරිල් ජේ ප්‍රනාන්දු ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී හි සමාරම්භකයා වන අතර සිය පුතුන් දෙදෙනා වන ඩිල්හාන් මාලික් ගේ නම් ඇසුරෙන් ඩිල්මා යන නිර්මාණය කර තිබේ.
පසුගිය දා පැවති Ada Derana Sri Lankan of the year 2016 සම්මාන උළෙලේ දී අන්තර්ජාතික ව්‍යාපාරික ක්ෂේත්රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ලෙසින් සම්මාන ලැබුවේ ද මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා දී Ada Derana Sri Lankan of the year 2016 හිදී සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවයි.