October, 5, 2016
ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සමාගම එහි මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ක්‍රියාදාමය ලෙස පාඩු සැලකිය යුතු මට්ටමින් අවම කිරීම උදෙසා එහි ගුවන් යානා සහ ගුවන් ගමන් මාර්ග කාර්යක්ෂම ලෙස යොදාගැනීම සඳහා කටයුතු යොදා ඇත. මෙම නව උපායමාර්ගික සැලසුම් අනුව පිරිවැය පාලනය කිරීම ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වී ඇත්තේ ගුවන් සමාගමේ වගවීම සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ පදනම මතයි. වත්මන් රජයේ සහාය ඇතිව නව ශ්‍රි ලංකන් කළමනාකාරිත්වය මගින් පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවැති යුගය නිමා කිරීම සඳහා උපාය මාර්ගික ක්‍රියා මාර්ග සහ සරල ප්‍රවේශ ඔස්සේ ගුවන් සමාගම කලාපීය ප්රමුඛ ගුවන් සේවයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
ගුවන් සමාගම 2016 මාර්තු මස 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය තුළ දී පසුගිය වසර හා සැසඳීමේ දී , සැලකිය යුතු වැඩි දියුණු වූ කාර්යසාධනයක් වාර්තා කර ඇත. කෙතරම් අභියෝග වලට මුහුණ දීමට සිදුවූවත් මෙම මූල්‍ය වසරේ මුල් මාස පහ තුළදී පසුගිය මූල්‍ය වර්ෂයේ මෙන් කාර්ය සාධනයේ ප්‍රවණතාවයක් පෙන්වා ඇත. පසුගිය මූල්‍ය වසර අවසානයේදී ඇ350 ගුවන් යානයක ගුවන් යානා බදු අවලංගු කිරීමට අදාළ 'එක වරක්' (‘one-off’) ගෙවීමකින් තොරව, ගුවන් සමාගම් සමූහයේ පාඩුව රුපියල් බිලියන 9.03 ක් වූ අතර , එය 2014/15 මූල්‍ය වසර හා සැසඳීමේ දී 2015/16 මූල්‍ය වසරේ 45% ක අලාභ අඩුවීමක් පෙන්නුම් කරයි. මේ අනුව ‘'එක වරක්' ගෙවීමෙන් පසු ගුවන් සමාගමේ ශුද්ධ අලාභය පසුගිය මූල්‍ය වසරේ ශුද්ධ අලාභය වන රුපියල් බිලියන 16.33 හා සැසඳීමේ දී මේ වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 11.59 ක් ලෙස වාර්තා වේ. මෙම මුල්‍ය වසරේ පළමු මාස පහ තුළ කාර්ය සාධනය 37% වර්ධනයක් පෙන්නුම් කරයි. පසුගිය මූල්‍යම වසරේ සමුහ අලාභය වන රුපියල් බිලියන 3.71 හා සැසඳීමේ දී මේ වසරේ සමූහ අලාභය රුපියල් බිලියන 2.53 න් අඩුවීම කාර්ය සාධනයේ වර්ධනයක් වාර්තා කරයි. මෙම කාල සීමාව සඳහා වන පොලී පිරිවැය පමණක් රුපියල් බිලියන 2.53 විය.
ඉන්ධන මිල පහත වැටීම පසුගිය මූල්‍යම වසරේ කාර්ය සාධනය වැඩි දියුණු කීරීම කෙරෙහි බලපෑ අතර වත්මන් මූල්‍ය වසරේ පළමු මාස පහ තුළ මෙම ප්‍රතිලාභය අප වෙතින් වියැකී යන්නේ ගුවන් සමාගමේ ආදායම් අඩුවීම නිසාය. අනෙකුත් ගුවන් සමාගම් මගින් කොළඹ වෙත ගුවන් ගමන් ධාරිතාව වැඩිකිරීම සහ ගුවන් ගමන් ගාස්තු ඇතැම් වෙළෙඳපොලවල් හි විශේෂයෙන් පහත වැටීම මීට බලපෑ ඇත. ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම මගින් ගුවන් සමාගමේ කාර්ය සාධනය කෙරෙහි සෘණාත්මකව බලපෑ ඇත. මෙමගින් මූල්ය් වසරේ පළමු මාස 5 තුළ රුපියල් බිලියන 1.03 ක අලාභයක් සිදුවීම ද මීට හේතුවී ඇත.
ගුවන් සමාගම් සමූහයේ අලාභය වැඩිවීම කෙරෙහි බලපෑ ඇති තවත් සැලකිය යුතු සාධකයක් වන්නේ එහි විශාල මූල්‍ය පිරිවැයක් පැවතීමයි. 2016 වසරේ අගෝස්තු මස 31 වන විට බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ගෙවිය යුතු වගකීම් ඇතුළුව සමස්ත පොලී මුදල ඇමරිකානු ඩොලර් මිලියන 478.5 ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 69.7) වේ. වත්මන් මුල්‍ය වර්ෂය සඳහා වන පොලී පිරිවැය රුපියල් බිලියන 6.2 ක් ලෙස තක්සේරු කර තිබේ. ගුවන් සමාගමේ ප්රතතිව්යුිහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය විසින් මෙම ණය ප්‍රමාණය කපා දමා ශේෂ පත්‍රය ප්රතිව්යුුහගත කිරීමට අපේක්ෂා කරන අතර එමගින් ආයතනයේ මුල්‍ය තත්ත්වය තිරසාර ලෙස වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පහසු කාර්යයක් නොවේ. මෙසේ වෙනස්කම් කිරීමෙන් පසු එය තිරසාර ආයතනයක් බවට පත්කිරිම ඊටත් වඩා අභියෝගාත්මක කාර්යයකි. එහෙයින් මෙම ව්‍යපාරයේ ඇති සංකීර්ණත්වය මත මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වගකීමෙන් යුතුව කොටස්හිමියන්ගේ උපදෙස් ඇතිව සිදුකරනු ලබයි.
මෙම පියවර සාර්ථකව ගැනීම සදහා ගුවන් සමාගම අදාළ රජයේ බලධාරීන් සමග සහයෝගීව 2013 වසරේ අත්සන් තබන ලද A350 ගුවන් යානා මිළදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කර ඇත. විවිධ සාධක කෙරෙහි අවධානය යොමුකිරීමෙන් පසු එනම් පවතින සහ අනාගත වෙළෙඳපොල තත්ත්ව මෙන්ම තරඟකාරීත්වය ,ගුවන් සමාගමේ පවතින උග්‍ර මූල්‍ය තත්ත්වය සහ A350 ගුවන් යානා සඳහා ගෙවිය යුතු අධික කල්බදු කුලී මුදල් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ගුවන් යානා පිරිමැසුම්දායී ලෙස භාවිත කිරීමට නොහැකි බව පැහැදැළි වී ඇත. මෙම ගිවිසුම් අත්හිටුවීම වෙනුවෙන් එක්වරක් ගෙවීම් සිදුකළ යුතු බවට එකඟ වී ඇති අතර මෙම ගුවන් යානා යොදා ගැනීම සහ මෙහෙයුම් කිරීම ඉදිරි තිරසාර ලාභදායිත්වයට හොඳ නිමිත්තක් නොවන බව ද හඳුනාගන්නා ලදී.
අනාගත ගුවන් යානා උපාය මාර්ග සැලසුම් යටතේ දිගු දුර ගුවන් ගමන් සහ මධ්යෙම දුර ගුවන් ගමන් සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා සහ පටු බඳ සහිත ගුවන් යානා අවම හිමිකම් පිරිවැය යටතේ යොදාගැනීමට නියමිතයි.
ගුවන් ගමන් ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගුවන් මාර්ග සඳහා පෙර නොදුටුවිරූ තාර්කික තීරණ ගැනීමට සිදුවේ. ඒ අනුව නොවැම්බර් මාසයේ මුල් සතිය වන විට, යුරෝපා මහද්වීපය වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවනු ලැබේ. නමුත් යුරෝපයේ පිවිසුම් මාර්ගය ලෙස ලන්ඩන් වෙත ගුවන් ගමන් නොකඩවා සිදුකරමින් අනෙකුත් යුරෝපීය ගමනාන්ත සඳහා සංකේත හුවමාරු ගුවන් ගමන් තුළින් ගුවන් මගීන්ට සුවපහසු සේවාවක් ලබාදෙනු ඇත. මෙම තීරණය ගුවන් ගමන් ජාලය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරිමෙන් පසු ගන්නා ලද තීරණයකි. බොහෝ ගුවන් සමාගම් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ මුලෝපාය පොදු සාමාන්‍ය කරුණක් වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙමගින් අවබෝධ කරගත්තේ තිරසාර වීමට මෙම ප්‍රතිව්‍යුහගත කිරිම පමණක් ප්රවමාණවත් නොවන බවයි. ලාභ ඉපයිය හැකි වෙළෙඳපොල වෙත ගුවන් මෙහෙයුම් සිදුකිරීම තුළින් ද පවත්නා ගමනාන්ත වෙත ගුවන් ගමන් ධාරිතාව වැඩිදියුණු කිරිම තුළින් ද මෙම ප්‍ර තිලාභ අත්පත් කර ගැනීමට හැකි බව ගුවන් සමාගම හඳුනාගෙන ඇත.
ඉහත තීරණය මත ගැන් ගුවන්තොටුපොළ, මාලදිවයිනේ ශ්‍රී ලංකන් වෙතින් සිදුකරන පළමු වැනි නව ගමනාන්තය වනු ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ගුවන්තොටුපොළ වෙත මෙහෙයුම් සිදුකරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වේ. ගුවන් සමාගම විසින් ඉන්දියාව සහ දකුණු අග්නිදිග ආසියාවේ ගමනාන්ත ඇගැයීමට ලක් කර ඇති අතර ලබන මූල්‍ය වසරේ සිට නව පටු බඳ සහිත ගුවන් යානා ලබාගනිමින් එම සේවා සැපයීමට බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග මිහින් ලංකා ගුවන් මාර්ග ඒකාබද්ධ වීම තුළින් ආදායම් වැඩි දියුණු කිරීම සඳහා වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම කළමනාකරණයක් හදුන්වාදෙනු ඇත.මෙම ඒකාබද්ධ වීම සමග පුළුල් බඳ සහිත ගුවන් යානා මගින් සීෂෙල්ස් සහ ඩකා දක්වා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ව්යාමප්ත කරනු ලැබේ.
පිරිවැය පිළිබඳ පැහැදිළි ලෙස අවධානය යොමු කිරීමකින් තොරව ආරක්ෂාව සහ නිරුපද්රංතාව පිළිබඳ අවධානයෙන් තොරව කිසිදු ගුවන් සමාගමකට ප්රාතිව්යුීහගත කිරිම තුළීන් තිරසාර පැවැත්මක් ලබාගැනීමට නොහැක. නොයෙකුත් අභියෝග තිබුණ ද, ගුවන් සමාගම විසින් පාලනය කළ හැකි අයිතම වෙත අවධානය යොමු කර එහි පිරිවැය පාලනය කිරීමට කටයුතු යොදා ඇත. මෙය සිදුකර ඇත්තේ ගුවන් සමාගමේ සෑම අංශයකම වියදම්දැඩි ලෙස අධීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් පිරිවැය අවම කරගැනීමේ සාධනීය යෝජනා ඉදිරිපත් කර ඇති අතර මෙම ක්රිායාමාර්ග තුළින් එක්ව වැඩකිරීමෙන් පිරිවැය අවම කරගැනීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් වෙළෙඳ පාර්ශව සමග කටයුතු කිරිමට හැකිවනු ඇත.
ගුවන් යානා කල් බදු වියදම් යනු ඉන්ධන සඳහා ගුවන් සේවයට දැරීමට සිදුවන පිරිවැයට දෙවෙනි විශාලතම පිරිවැයයි. A330-300 ගුවන් යානා කල්බදු පදනම මත පාකිස්තානු ජාත්යවන්තර ගුවන් සමාගම (PIA)වෙත ලබාදීම මේ සඳහා ගනු ලැබූ උපක්ර මශීලී ක්රිදයාමාර්ගයකි. ඒ අනුව ගුවන් සමාගම පාකිස්තානු ජාත්යඵ්න්තර ගුවන් සමාගම සමග දිගු කාලීන කල්බදු ගිවිසුමක් සඳහා A330-300 ගුවන් යානා 3ක් ලබාදීම වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටියි. මෙම ගුවන් යානා සඳහා ගෙවිය යුතු අධික කුළී මුදල මෙමගින් ලැබෙන ආදායම් මගින් පියවනු ලබයි.
ප්රීතිව්යුැහගත කිරීමේ වැඩපිළිවෙල මෙන්ම ගුවන් සමාගමේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍ර ධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්රඅකාශ කර සිටියේ “ නව කළමනාකාරීත්වය ආදායම් උත්පාදනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන අතර එමගින් මෙහෙයුම් සහ ආයතනයේ ලාභ ඉපයීම් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. ආයතනයක් වශයෙන් අපගේ සම්පත් උපරිම ලෙස උපයෝගි කරගනිමින් අප වත්කම් වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ලබයි. ගුවන් සමාගම කලාපයේ ප්රිමුඛ ගුවන් සේවාවක් බවට පත්කිරීමේ උපාය මාර්ගික තීරණය යටතේ අප ගුවන් යානාවන් කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් A350 ගුවන් යානා වෙනුවට පටුබද සහිත ගුවන් යානා දිගු දුර ගමනාන්ත සඳහා යොදාගැනීමට අපේක්ෂා කරමු. වසර ගණනාවක් පුරාවට පාඩු ලබන මෙහෙයුම් වෙනුවට කාර්යක්ෂම ගුවන් මෙහෙයවීම් මත ස්ථාවර ඉදිරි ගමනක් යාමට නිවැරදි දැක්මක් ගුවන් සමාගම සතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මේ සියල්ලටම වඩා විනිවිදභාවයෙන් කටයුතු කරන සංස්කෘතියක් සහ වගවීම ගුවන් සමාගම තුළ පැවැතීම පිළිබඳ ගුවන් සමාගම ආඩම්බර වන බවත් එමගින් ගුවන් සමාගම ආරම්භ කර මුල් දශක තුළ භුක්ති විදි පිළිගැනීම නැවත ලබාගැනීමට අපට හැකිවනු ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල කලාපයේ සිසුන් සඳහා සාර්ථක වෘත්තීයක් ගොඩනගා ගැනීමට සහාය දෙන ප්රමුඛ කේන්ද්‍රස්ථානයක් බවට ආසියානු කලාපයේ පත්ව ඇත. ඒ අනුව අභ්‍යන්තර ගුවන් මැදිරි කාර්ය මණ්ඩල පුහුණුව, ඉංජිනේරු පුහුණුව ,ගුවන් සේවා කාර්ය මණ්ඩල සහ ගුවන් තොටුපළ වෘත්තිමය සේවාවන් හි විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල සඳහා යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රතා ඒජන්සියේ ( EASA) සහතිකය ලැබී තිබීම විශේෂත්වයකි . මෙය දකුණු ආසියාවේ යුරෝපා ගුවන් සේවා නිරුපද්රවතා ඒජන්සියේ ( EASA) සහතිකය ලත් එකම ආයතනයකි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු යුරෝපීය ගුවන් සේවා නිරුපද්රවතා ඒජන්සියේ (EASA) සහතික ලත් MRO පහසුකම නිසා ගුවන් සේවා රැසකට තුන්වන පාර්ශවීය ගිවිසුම් සේවා සැපයීමේ කේන්ද්‍ර ස්ථානයක් වී ඇත. මෙමගින් අනාගතයේ ගුවන් සමාගමට ආදායම් උත්පාදනය කිරීමේ මාර්ග රැසක් විවෘත වනු ඇත.
ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා වැඩි අවධානයක් යොමු කරන විට කළමනාකාරීත්වය විසින් ක්ෂේත්රය තුළ පවත්වා ගත යුතු සේවා සහ ප්රයමිතීන් පිළිබඳව දැඩිලෙස සොයාබලා කටයුතු කරනු ලබයි. ගුවන් සමාගම මානව සම්පත් සහ සේවා ප්රසමිතීන් පවත්වා ගැනීම සඳහා පුහුණුව තුළින් අඛණ්ඩව ආයෝජනය කිරීමට කටයුතු කර ඇත්තේ එහි නිෂ්පාදන ප්රවමුඛ මට්ටමින් පවත්වා ගැනීමට අපේක්ෂා කරන නිසාය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පුද්ගල සහ රාජ්‍ය අංශ සහයෝගීතාව (ppp) යටතේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රීකලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ කළ අනාගත හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීම සහ ඔවුන්ගේ යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීම මේ වන විටත් රජය කටයුතු කර ඇති බවයි. එසේම මේ සහයෝගීතාවයේ ප්‍රධාන නියමුවා වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ පිළිබඳව කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එසේම අපගේ ප්‍රධාන අරමුණ වන්නේ තිරසාර රාමුවක් යටතේ ගුවන් සේවය නැවත ප්රවතිව්යුනහගත කරමින් කොටස් හිමියන් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.