October, 6, 2016
අවිධිමත් සංක්‍රමණ හා ඒ ආශ්රිත සාපරාධී ක්‍රියාවන් වැළැක්වීමට අදාළව දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙන්ම සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සාධනීය ලෙස ආරක්ෂා කිරීමට හා නීතිවිරෝධීව අනෙක් රාජ්‍යයේ රැඳී සිටින පුද්ගලයින්ට ගරුත්වයෙන් යුතුව සහ ආරක්ෂාකාරීව යළි සිය රටට පැමිණීමේ හැකියාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව හා ස්විස් ෆෙඩරල් කවුන්සිලය අතර ඇති කරගැනීමට නියමිත සංක්‍රමණික කටයුතු පිළිබඳව සහයෝගිතා ගිවිසුමට අත්සත් තැබීමට සහ එම ගිවිසුම ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.