October, 7, 2016
තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව වසර 2022 වන විට ශ්‍රී ලංකාව තුල රැකියා අවස්ථාවන් ලක්ෂ හතරක් පමණ උත්පාදනය විය හැකි බව අපේක්ෂා කෙරේ.
මේ සදහා වන මානව සම්පත සුදානම් කිරීමේ එක් අදියරක් වශයෙන් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දිවයිනේ පාසල් මට්ටමින් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මේ අනුව ගාල්ල මාතර කුරුණෑගල නුවර අනුරාධපුරය බදුල්ල යාපනය ඇතුලු දිවයිනේ දිස්ත්‍රික්ක 11 පමණ මෙම වැඩසටහන සාර්තක ලෙස පවත්වා අවසන් කර තිබෙන බවත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස්දහසක් පමණ පිරිසකට මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත් නියෝජිතායතනය පවසයි.
මෙහි අලුත්ම දැනුවත් කිරීමේ වැඩසටහන නැගෙනහිර පළාතේ පාසල් 60 කට අයත් පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහස් පන්සියයකගේ පමණ සහභාගිත්වයෙන් මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්විණි.
තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිඹදව නිපුන තාවයකින් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වන ලද අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
දෙදිනක් පුරා පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා සහභාගි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොමයක් දෙනා සදහන් කර සිටියේ මෙය තමන්ට නවමු අත්දැකීමක් වු බවත් වේගයෙන් වෙනස් වන ලෝකයක අනාගතය ජය ගැනීමට මෙය මහගු පිටු බලයක් වු බවත්ය.
විදුහල්පතිවරුන්ට සහ තොරතුරු තාක්ෂණ විෂ්‍යය උගන්වන ගුරුමහත්ම මහත්මීන්ටද තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ක්ෂේත්රයේ වැදගත්කම පිලිඹදව දැනුවත්කිරීමේ වැඩමුළු ද මීට සමගාමීව පැවැත්විණි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ.
www.futurecareers.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිලිබද වැඩිවිස්තර දැනගත හැකිවේ.