October, 8, 2016
ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන දෙවන ආසියානු සහයෝගිතා සමුළුව අද (08) සිට ලබන 10දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි.
මේ සඳහා රටවල් 34ක් නියෝජනය කරමින් නියෝජිත පිරිස් සහභාගිවීමට නියමිතය.
ආසියානු කලාපයට බලපාන විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාවය, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක කර්මාන්තය සහ තිරසාර සංවර්ධනය ආදී ක්ෂේත‍්‍ර 20ක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරේ.
එහි දෙවන දිනය වන 9දා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් සමුළුව ඇමතීමට නියමිතය.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (07) තායිලන්තය බලා පිටත්ව ගියේය.