August, 28, 2026
ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන සහ ශිෂ්‍ය වීසා උපදේශන ක්ෂේත්රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Real Smart Global පෞද්ගලික සමාගම Asia Miracle 2026 සම්මාන උළෙලේදී වසරේ විශ්වාසනීයම ශිෂ්‍ය වීසා උපදේශන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. විශ්වාසනීය සහ වෘත්තීයමය විදේශ අධ්‍යාපන සේවා තුළින් සිසුන්ගේ අධ්‍යාපන අරමුණු සහ අනාගත වෘත්තීය අපේක්ෂා සාර්ථක කර ගැනීමට දෙන සහාය සහ සේවා විශිෂ්ටත්වය මෙම ඇගැයීමට පාදක වී තිබේ. 2022දී ඇරැඹුණු Real Smart Global විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන්ට ශිෂ්‍ය උපදේශන පැවැත්වීම, විශ්ව විද්‍යාල හා පාඨමාලා තෝරා ගැනීමට සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සහාය වීම, වීසා ලේඛණ සැකැසීම සහ අයැදුම් පත් ක්‍රියාවලිය සිදු කිරීම, මූල්‍ය හා ලේඛණ සම්බන්ධ මාර්ගෝපදේශනය සිදු කිරීම, විදේශගත වීමට පෙර අවශ්‍ය සහාය දීම, අධ්‍යාපන සහ වෘත්තීය උපදේශන පැවැත්වීම ඇතුළු සේවා රැසක් සපයයි. සම්මාන උළෙලට Real Smart Global නියෝජනය කරමින් කළමනාකරණ අධ්යක්ෂ හර්ෂණ ප්‍රභාත් අබේකෝන්, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ප්‍රගීත් දිනුසර, මෙහෙයුම් කළමනාකරු රොෂාන් විදුරංග, සම්බන්ධීකරණ ලේකම් තෂ්මිලා මීවැල්ල සහ ජ්‍යෙෂ්ඨ උපදේශිකා දිනෙල්කා සචිනි සහභාගී වූහ.
Real Smart Global රුසියාව, මෝල්ටාව, අසර්බයිජානය, ජෝර්ජියාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක උසස් අධ්‍යාපන අවස්ථා අපේක්ෂා කරන සිසුන්ට මාර්ගෝපදේශන සපයයි. මෙම සම්මානය Real Smart Global කණ්ඩායමේ කැපවීම, වෘත්තීයභාවය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය සේවා ප්‍රවේශය පිළිබඳ ඇගැයීමකි. විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන් සහ ඔවුන්ගේ පවුල් අතර සමාගම ගොඩ නඟා ගෙන ඇති විශ්වාසය එමඟින් පිළිබිඹු වේ. Real Smart Global මීට පෙර Business Excellence Award 2025, People’s Excellence Award 2025 සම්මානවලින් පිදුම් ලබා ඇත. රත්නපුර සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට සිය මෙහෙයුම් පවත්වා ගෙන යන Real Smart Global ශ්‍රී ලාංකික සිසුන්ට ගෝලීය අධ්‍යාපන අවස්ථා වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය වෘත්තීයමය මඟ පෙන්වීම අඛණ්ඩව සැපැයීමට කටයුතු කරයි.
Video Story