August, 28, 2026
ශ්‍රී ලාංකීය දේශීය කුළුබඩු ජන හදවත් තුලට එකතු කරමින් කුළුබඩු හා අත්‍යාවශ්‍ය ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් Vista Essential Foods පුද්. සමාගම පසුගියදා සිය නිෂ්පාදන මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති සුවිශේෂී උත්සවයකදී මෙම නිෂ්පාදන පෙල නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීම සිදු විය.
ශ්‍රී ලාංකීය නිවෙස්වල මුලුතැන්ගෙයි දේශීය කුළුබඩු රසයෙන් පුරවමින් සමස්ත ආහාර වෙළෙඳපොල වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති මෙම කුළුබඩු හා අත්‍යාවශ්‍ය ආහාර නිෂ්පාදන එළිදැක්වීමට සමගාමීව සමාගමේ නව සන්නාමය සහ මුල්ම නිෂ්පාදන පෙළ පාරිභෝගිකයන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරික සහකරුවන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් වෙත හඳුන්වාදීමද සිදු විය.
මෙම නව නිෂ්පාදන හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන, ආහාර සුරක්ෂිත බව සහ ඉහළම තත්වයේ නවෝත්පාදනයන් තුලින්, එදිනෙදා ඉවුම් පිහුම් කටයුතුවලට අමතර අගයක් එක් කිරිමයි. ඒ වෙනුවෙන් උසස් තත්වයේ කුළුබඩු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට Vista Essential Foods සූදානමින් සිටියි.
ඒ යටතේ හඳුන්වා දුන් පළමු නිෂ්පාදන පෙල අතරට නිවසේ මුලුතැන්ගෙයි එදිනෙදා ඉවුම් පිහුම් සඳහා අත්‍යාවශ්‍ය වන මිරිස් කුඩු, කෑලි මිරිස්, බැදපු තුනපහ කුඩු, බැදපු මිරිස් කුඩු, කහ කුඩු සහ ගම්මිරිස් කුඩු ඇතුළත් වේ.
"සැබෑ ශ්‍රී ලාංකේය රසය සෑම මුලුතැන්ගෙයකටම රැගෙන යාම” අරමුණු කොට ගනිමින් සිය මෙහෙයුම් ආරම්භ කළ Vista Essential Foods හි නිල තේමා පාඨය වන්නේ "හදෙහි රැඳුණු මතක රසය” යන්නයි.
එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් ඉතා සැලකිල්ලෙන් තෝරාගත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනයන් තුලින් පාරිභෝගිකයන් හොඳින් හඳුනන සහ ඔවුන් වඩාත් කැමති සැබෑ ශ්‍රී ලාංකීය රසය එලෙසම ලබාදීමට සමාගම බලාපොරොත්තු වේ.
උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන සියලු නිෂ්පාදනයන්හි ගුණාත්මක තත්වය හා ඉහළ ප්‍රමිතිය සමානව හා අඛණ්ඩව පවත්වා ගැනීමට සහ ආහාරවල සුරක්ෂිතතාව මෙන්ම පිරිසිදුකම පිළිබඳවද ඉහළම ප්රමිතීන් අනුව කටයුතු කිරීමට Vista Essential Foods ආයතනය කැපවී කටයුතු කරන්නේ වගකීම් සහගත නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ලබා දීම වෙනුවෙනි.
Vista Essential Foods ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම සියලු නිෂ්පාදනයන්හි කිසිඳු කෘතිම රසකාරක හෝ කල් තබා ගැනමේ ද්‍රව්‍ය අඩංගු නොවන බව විශ්වාසයෙන් යුතුව සඳහන් කළ හැකිය. එහෙයින් කිසිඳු බියකින්, සැකයකින් තොරව තමන්ගේත්, තම ආදරණීයයන්ගේත් එදිනෙදා ආහාර වේල් රසවත් කිරීම වෙනුවෙන් මෙම සියලු නිෂ්පාදන භාවිත කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබී ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ Vista Essential Foods (පුද්) සමාගමේ ශක්තිමත් මුදුන් මුල වන සභාපති ක්වින්ටස් පෙරේරා මහතා සඳහන් කර සිටියේ "ප්‍රමිතිය, ආහාරවල ආරක්ෂාව සහ නව්‍යකරණය යන ශක්තිමත් පදනම මත පිහිටා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ කුළුබඩු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ අරමුණින් අපි Vista Essential Foods ආරම්භ කරනු ලැබූ බවයි.
මේ පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ Vista Essential Foods (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා සුහාන්යා පෙරේරා ඔකර්ස් මහත්මිය පැවසුවේ "අපගේ සෑම මුල් නිෂ්පාදනයක්ම එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන්ම ඉතා සැලකිල්ලෙන් තෝරාගත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබෙනවා. කිසිදු කෘතිම රසකාරක, වර්ණක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු නොකර, සැබෑ ශ්‍රී ලාංකේය රසය සෑම මුලුතැන්ගෙයකටම රැගෙන යාමට අප දුන් පොරොන්දුව මේ මඟින් පාරිභෝගිකයින් වෙත ඉටු කර තිබෙනවා." යනුවෙන් පැවසීය.
ස්වභාවික සාරයන් යොදා ගනිමින් නිෂ්පාදනය වන මෙම සියලු නිපැයුම්හි සැබෑ ස්වභාවික සුවඳ, රසය එහි විශිෂ්ටත්වය කදිම නිදසුනකි. ආකර්ෂණීය ඇසුරුමකින් වෙළෙඳපොලට හඳුන්වා දී ඇති විස්ටා කුළුබඩු නිෂ්පාදන පෙල වෙළෙඳසැලට මෙන්ම මුලුතැන්ගෙයටද වටිනාකමක් එක් කරනු නිසැකය.

Video Story