එන සංචාරකයින්ට වඩා ගිය ශ්‍රමිකයින්ගෙන් වැඩි ආදායමක්

    October, 10, 2016

    2016 වසරේ පළමු මාස 08 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන මුදල්වල මුළු වටිනාකම රුපියල් බිලියන 695.2 ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මෙය 2015 වසරේ පළමු මාස 08 ක කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 612.3 ක ගලා ඒම් හා සැසඳීමේ දී 13.6% ක වර්ධනයකි.

    මේ අතර 2016 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පළමු මාස 09 තුල දී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් ලද ආදායම රුපියල් බිලියන 361.9 ක් ලෙසත් 2015 වසරේ දී අදාළ කාලපරිච්ඡේදය තුළ එම වටිනාකම රුපියල් බිලියන 291.7 ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙය 24.1% ක ඉහළ යාමකි.

    මේ පිළිබඳ සටහනක් පහත දැක්වේ.