ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය වෙනුවෙන් බ්‍රසීලය සමග අනුපූරක ගැලපුම් ගිවිසුමක්

    September, 1, 2026

    අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අංශවල ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2008-09-16 වන දින බ්‍රසීලය සමඟ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබේ.

    එම තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය, සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ උක් පර්යේෂණ ආයතනය අතර අත්සන් තැබීම සඳහා 2026-05-25 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

    ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර අත්සන් තැබුණු තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ මූලික ගිවිසුම අනුව ඒ යටතේ වන වැඩසටහන් සහ ව්‍යාපෘති, අනුපූරක ගැලපුම් ගිවිසුම් හරහා ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ.

    ඒ අනුව, 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අනුපූරක ගැලපුම් ගිවිසුම (Complementary Adjustment Agreement) බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.