October, 10, 2016
සෙල්ෆි ඡායාරූපකරණය මේ වන විට ලොව පුරා උන්මාදයක් මෙන් පැතිරී ගොස් තිබෙන දෙයකි. මේ නිසාම ජංගම දුරකතන නිෂ්පාදකයෝ සිය නිෂ්පාදිත සඳහා සෙල්ෆි ඡායාරූප ගැනීම වඩවඩාත් උනන්දු කරවන අංග ජංගම දුරකතනවලට එක් කිරීමට උත්සුක වෙති.
කෙසේ වෙතත් සෙල්ෆි ඡායාරූප ගැනීඋමට ගොස් සිදුවූ කණගාටුදායක සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල දී අසන්නට දකින්නට ලැබුණි. මෙහි ආසන්නතම සිදුවීම් ද්විත්වය නම්, චීන ජාතික තරුණියක් මෙරට දුම්රියක පාපුවරුවක ගමන් ගන්නා අවස්ථාවේ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඉන් ඇද වැටී මියයාමයි.
අනෙක් සිද්ධිය සිදුවී ඇත්තේ ඕමානයේ දීය. සිය පවුලේ සාමාජිකයින් සමඟ විනෝද චාරිකාවක නිරතව සිටි ලාංකීය දැරියන් දෙදෙනෙකු සෙල්ෆි ගැනීමට ගොස් ගැඹුරු දියට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වීම එම ශෝකජනක සිදුවීමයි.
මේ අතර 2015 වර්ෂය තුළ දී සෙල්ෆි ගැනීමට ගොස් ලොව පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 28 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කාලපරිච්ඡේදය තුළ දී මෝරුන් ගේ ප්‍රහාර හේතුවෙන් මිය ගිය ගණන වාර්තා වන්නේ 8 දෙනෙකු ලෙසිනි. එසේම 2015 වසර තුළ දී එවරෙස්ට් කඳු තරණයට ගොස් සිදුවූ අනතුරුවලින් මියගිය ගණන වාර්තා වන්නේ 17 ක් ලෙසිනි.
විදෙස් වාර්තා සඳහන් කරන පරිදි සෙල්ෆි සම්බන්ධ අනතුරු ගණනාවක් වාර්තා වී ඇත්තේ උසකින් ඇද වැටීම, දුම්රිය අනතුරු, සත්වයින්ගේ පහර කෑම් හේතුවෙන්, දියේ ගිලීම යනාදී අවස්ථාවල දීය. මෙම සිද්ධි සියල්ලක්ම පාහේ නොසැලකිල්ල හේතුවෙන් සිදු වූ ඒවාය.
මෙවැනි හේතු මත ජනතාවගේ සෙල්ෆි ඡායාරූප ගැනීම වැළැක්වීම සඳහා කොලරාඩෝ හි සත්ත්ව උද්‍යානයක් වසා දැමීමට ද අදාළ බලධාරීන් පියවර ගෙන තිබිණි.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුසියාවේ බොහෝ ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කරමින් සංඥා සළකුණු කර තිබෙන ආකාරයයි.
මේ පිළිබඳ කරන ලද විශ්ලේෂණයක දී Zachary Crockett විසින් පහත කරුණු අනාවරණය කර තිබේ.