September, 2, 2026
ආචාර්ය රුවන් පෙරේරා මහතා සහ 'Little Japan' වැඩසටහනේ සුවිශේෂී සංකල්පයකට අනුව මෙරටට පැමිණි 250කට අධික ජපාන දූත පිරිස, මෙරට ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට එක්වෙමින් සිය සංචාරය ආරම්භ කර ඇත.
ඒ අනුව අනුරාධපුරයේ ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ සහ මිහින්තලා පුදබිම ඇතුළු පූජනීය ස්ථාන රැසක් වැඳපුදා ගැනීමට ඔවුහු එක්වූහ.
ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෙම සංස්කෘතික චාරිකාවේ ඉදිරි කටයුතු සඳහා මෙම දූත පිරිස අනතුරුව හබරණ බලා පිටත්ව ගියහ.
Video Story