September, 2, 2026
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මාසිකය වැය වන අවම වියදම 2026 ජූලි මාසයේ දී රු. 17,679 ක් ලෙසින් ගණනය කර තිබේ. 2026 ජූනි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ රු. 17,592ක් ලෙසයි.
එක් එක් දිස්ත්‍රික්කයට අදාළ දරිද්‍රතා රේඛාවන් සැලකීමේ දී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව 2026 ජූලි මාසයේ දී රු. 19,067ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස ශ්‍රී ලංකාවේ යම් දිස්ත්‍රික්කයක දරිද්‍රතා රේඛාව රු. 19,000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම අගයය ද ඊට ආසන්න මට්ටමට පැමිණ තිබෙන අතර එය රු. 18,969ක් ලෙසින් වාර්තා වේ. දිස්ත්‍රික්ක මට්ටමින් පහළම දරිද්‍රතා රේඛාව මොනරාගලින් වාර්තා වන අතර එම අගය රු. 16,904ක් ලෙසින් සටහන්ව ඇත.
නිල දරිද්‍රතා රේඛාව’ යනු මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පුද්ගලයෙකුට මාසිකව වැය වන අවම වියදම ලෙස සරලව අර්ථකථනය කළ හැක. මෙය රටක මූල්‍යමය දරිද්‍රතාවය හෙවත් මූල්‍යමය දිළිඳුකම ගණනය කිරීමට යොදාගනියි. නිල දරිද්‍රතා රේඛාවේ නිවැරදි බව හා කාලීන බව තහවුරු කිරීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේදී 2012/13 ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත පාදක කරගනිමින් නිල දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කරනු ලැබිණි. 2019 වර්ෂය සඳහා නිල දරිද්‍රතා රේඛාව සැකසීමේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය යොදාගනිමින් ගැළපීම් සිදු කරන ලදී.
Video Story