October, 11, 2016
ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හි දෙවන විශාලතම කොටස්කරුවා වූ කොටගල වැවිලි සමාගම සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (10) දිනයේ දී විකුණා දමනු ලැබීය.
සාමාන්‍ය කොටස් 6,026,500 ක් මෙලෙස වෙළෙඳපොළ අගයයන් මත ගනුදෙනු වූ අතර එය සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 10.04% කි.
ඊයේ දිනයේ දී රු. 4.30 සිට රු. 5.20 දක්වා මිල ගණන්වල ලංකෙම් ඩිවලොප්මන්ට්ස් හි කොටස් ගනුදෙනු සිදුවිය.
මේ අතර කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 800 ක හිමිකම් නිකුතුවක්ද පසුගියදා නිවේදනය කරන ලදී. මෙම හිමිකම් නිකුතුවෙන් පසු කොටස් අනුබෙදුමක් (Subdivision) සිදුකිරීමට ද සමාගම තීරණය කර ඇත.
Video Story