එක ලකුණකට පනස් හයදහසක් ගෙවලා

    October, 12, 2016

    ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හට දක්ෂතා අනුව මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර අනුමත කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා තියා සිටියේ පසුගිය වසරේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 57 ක් ගෙවා ඇති බවත්. ඔහු ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව සලකා බැලූ විට, එය එක් ලකුණකට රුපියල් 56,000 ක මුදලක් වන බවත්ය. එසේම මිනිසුන් මේ බව දන්නවා නම් ක්‍රීඩකයින් දැවී එන විට ගල් ගසනු ඇතැයි ද කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,
    “එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම මිලියන 57 ක්.ඔහු ගහලා තියෙන ලකුණු ගණන එක්ක බෙදලා බලපුවාම ඔහු ගහලා තියෙන එක ලකුණකට අපි රුපියල් 56,000 ක් ගෙවනවා. තව ක්‍රීඩකයෙන් ඉන්නවා ඔහුට මිලියන 73 ක් ගෙවලා තියෙනවා. ඔහුගේ එක run එකකට රුපියල් 26,000 ක් දීලා තියෙනවා. මේකේ සාධාරණයක් තියෙන්න ඕනේ.“

    “මේ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කරලා තියෙනවා යම් ක්‍රමවේදයක්. එහි අසාධාරණයක් තියෙනවා නම් බලන්න පුළුවන්. ඔවුන් යෝජනා කරලා තියෙන්නේ තරඟයක් දිනුවොත් ලක්ෂ 10 ගානේ දෙන්න.“

    “නැත්තන් කවුරු ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔහු එනවා. බිංදු 5 කට අවුට් වෙලා යනවා. සීරිස් එකෙත් අවුට් නැහැ. ඊළඟ සීරිස් එකත් ගහනවා. test කරනවා. ඔහේ ඉන්නවා. 25 ක් විතර ගහනවා. හැමදාම සෙවන්ටි ෆයිව් මිලියන්, ෆිෆ්ටි මිලියන් අරගන්නවා. මිනිස්සු හරියට දන්නවා නම් ගල් ගහනවා අවුට් වෙලා එලියට එනකොට“.

    BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.