කොටස් වෙළෙපොළ ඒකක 100ක් ඉක්මවා අදත් පහළ යයි

    September, 17, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් අද (17) දිනයේ දී පහළ යන ලදී. මේ අතර ඊයේ (16) දිනයේ දී ඒකක 128ක පහළ යාමක් වාර්තා කර තිබුණු පසුබිමක අද (17) දිනයේ දීද ඒකක 100ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි.

    ඒ අනුව ඒකක 109.98ක පහළ යාමක් වාර්තා කරමින් ඒකක 21,023.43ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ පහළ ගියේය. S&P SL දර්ශකය ඒකක 22.33කින් පහළ ගොස් ඒකක 5,924.96ක් ලෙසින් වාර්තා විය.

    අද දින රු. බිලියන 1.33ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර ඒ සඳහා රු. මිලියන 161ක ඉහළම දායකත්වය පික්මී සමාගමේ කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණි.