September, 18, 2026
ඇතැම් චාරිකාවන් සැතපුම් ගණන් වලින් මැන බැලුවද සමහර සුවිශේෂී චාරිකාවන් මනින්නේ මතකයන්ගෙනි. 20 වන වරටත් ආරම්භ වූ සෙලින්කෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ වැඩසටහන ඉන් දෙවන ආකාරයේ චාරිකාවකි. රක්ෂණ ඔප්පු හිමි පවුල්වල විවිධ පරම්පරාවන් එකට එක් කරමින් චාරිකාව නිම වූ පසුව ද තවත් දිගු කාලයක් පුරාවට සිහි කළ හැකි අන්දමේ වටිනා අත්දැකීම් ෆැමිලි සවාරි චාරිකාවන් තුලින් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම හා දීර්ඝතම ජීවිත රක්ෂණ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ චාරිකාව මෙවරත් චීනය, මැලේසියාව සහ පර්ල් බේ යන ජනප්‍රිය ගමනාන්ත ත්‍රිත්වය පිරිනමයි. ඒ දශක දෙකක කාලයක් පුරාවට තම ගනුදෙනුකරුවන්ට හුදෙක් ත්‍යාග පිරිනැමීක් ම නොව, එකට ගත කරන කාලය හා මතකයන් රැස් කරන අගනා අවස්ථා පිරිනැමීමේ සම්ප්රදාය අඛණ්ඩව පවත්වාගෙන යමිනි.
‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ මෙම සුවිශේෂී 20 වන අදියර යටතේ, ජයග්‍රාහී රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් 5 ක සාමාජිකයින් 20 දෙනෙකු බීජිං වෙතද, පවුල් 10 ක සාමාජිකයින් 40 දෙනෙකු මැලේසියාව වෙත ද, තවත් පවුල් 250 ක සාමාජිකයින් 1,000 ක් පර්ල් බේ හි විනෝදජනක වූ උද්යෝගීමත් දිනයක් ගතකිරීමට ද එක් කර ගන්නා බව සෙලින්කෝ ලයිෆ් නිවේදනය කර ඇත.
සෙලින්කෝ ලයිෆ් හි දැනට සිටින මෙන් ම අලුතින් සම්බන්ධ වූ ඔප්පු හිමියන්ට ද මෙයට සහභාගී වීමේ අවස්ථාව හිමිවන අතර ඔවුන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හා විශ්‍රාම සැලසුම් මත පදනම් ව චාරිකාවට සහභාගී වන ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ.
මෙම සන්ධිස්ථානගත අදියර සඳහා ෆැමිලි සවාරි හි ජනප්‍රිය සන්නාම තානාපතිවරුන් වන රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි හා ඔවුන්ගේ පුත් මිනෙත් ද මෙම ජයග්‍රාහී පවුල් සමඟ එක්වීමේ සම්ප්රදාය ද අඛණ්ඩව සිදු කෙරේ. එමගින් ෆැමිලි සවාරි අත්දැකීමට විනෝදය සහ සුහදත්වය මුසු වූ තවත් මානයක් එක් කෙරේ.
“ෆැමිලි සවාරි හි 20 වන අදියරට එළඹීම ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මන්දයත් එය හුදෙක් ප්‍රවර්ධන වැසටහනක දීර්ඝකාලීන පැවැත්මටත් එහා ගිය අර්ථයක් දරන බැවිනි. එය අප හා පාරිභෝගිකයින් අතර පවතින සුවිශේෂී සබඳතාවයේ දශක දෙකක කාලයක් නියෝජනය කරයි,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් අධ්යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. “වෙළඳපල වෙනස් වන සේම පාරිභෝගික අපේක්ෂාවන් ඉහළ අතරම අප අවට ලෝකය ද විශාල ලෙස වෙනස් වෙමින් පවතී. නමුත් පවුලක වටිනාකම කිසිදා වෙනස් නොවේ. පවුලේ සාමාජිකයින්ට එකට සංචාරය කිරීමට, සතුටු වීමට, නව මානයන් ගවේෂණය කිරීමට සහ මතකයන් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබා දීම, ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයට තුති පිදීමට ඇති වඩාත් ම අර්ථවත් ආකාරය බව අපි විශ්වාස කරමු. එබැවින් දශක දෙකක් පුරාවට අපි ෆැමිලි සවාරි වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කර ඇත්තෙමු. එහි 20 වන අදියර සමරන මෙහොතේ පාරිභෝගික පරම්පරා ගණනාවක් සමඟ අප බෙදාගත් මෙම ගමන පිළිබඳව අපි ආඩම්බර වන අතර, ඔවුන් සමඟ තවත් මතකයන්ගෙන් පිරි පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට අපි මහත් උනන්දුවෙන් බලා සිටිමු.”
‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් පවුල් 11,000 කට අධික සංඛ්‍යාවකට එනම් පුද්ගලයින් 37000 කට පමණ මේ වන විට අවස්ථාවන් හිමි කර දී ඇත. මෙම වැඩසටහන යටතේ ජයග්‍රාහී පවුල් ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය සහ තුර්කිය රටවල් වලට මෙන් ම චීනය, ඩුබායි, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවලටද සංචාරය කර ඇත.
2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
සේයාරු සටහන: චීනයේ, මැලේසියාවේ සහ පර්ල් බේ හි නිවාඩු සඳහා පසුගිය වසරේ සහභාගී වූ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ජයග්‍රාහකයින්
Video Story