September, 18, 2026
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් අද (18) දිනයේ දී වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 327.90 සිට රු. 327.10ක් දක්වා සහ විකුණුම් මිල රු. 336.92 සිට රු. 336.12ක් දක්වා පහළ ගොස් තිබේ.
අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 332.13ක් ලෙසින් වාර්තා වී ඇත. ඊයේ (17) දිනයේ දී මෙම අගය රු. 331.89 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
2026 අගෝස්තු 18 වෙනිදායින් පසු පළමු වරට ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 332 මට්ටම ඉක්මවා ගොස් ඇත්තේ අද (18) දිනයේ දීය.
එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.
Video Story