October, 13, 2016
ජීනිවා හි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) “කාන්තාවන් සඳහා වෙළඳාම” (SheTrades) සහ “කාන්තාවන් ආර්ථික සවිබල ගැන්වීම” යන ව්‍යපෘති පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ දී සීනුව නාද කිරීමේ උත්සවයක් අද (13) දිනයේ දී සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සම සංවිධානයකත්වයෙන් ශ්‍රි ලංකාවේ දී 2016 ඔක්තෝම්බර් 12 සහ 13 දෙදින තුළ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවට සමගාමීම මෙම ඉසව්ව සංවිධානය කර තිබිණි.
කොළඹ කොටස් වෙළඳපොළේ දී පැවති කාන්තාවන් සඳහා වෙළඳාම (SheTrades) සීනුව නාද කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපනිනිය සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) හි විධායක අධ්යක්ෂ අරංචා ගොන්ෂාලේෂ් සහ කාන්තාවන්ගේ කර්මාන්ත හා වාණිජ මන්ඩලයේ සභාපතිනිය රීෂා මුස්තාෆා , ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක යන මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) හි විධායක අධ්යක්ෂ අරංචා ගොන්ෂාලේෂ් දක්වන ලද අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=FHdvHGfo8Go