October, 14, 2016
800CC කාණ්ඩයේ ජනප්රිය වාහන මාදිලියක් වන Renault KWID හි වාහන ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන ඇති බව ඊයේ (13) දිනයේ දී වාර්තා වී තිබිණි.
මේ අතර දැනට ශ්රී ලංකාවේ ද ඉහළ අලෙවියක් වාර්තා කර ඇති Renault KWID සම්බන්ධයෙන් උද්ගත වී ඇති මෙම තත්ත්වය පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමක දී ඒ සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිත ආයතනය වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්රකාශකයෙකු කියා සිටියේ අදාළ යළි කැඳවීම, ශ්රී ලංකාවේ දැනට තිබෙන Renault KWID වාහන සඳහා අදාළ නොවන බවයි.
“දැනට ලංකාවේ තිබෙන වාහනවලට කිසිම බලපෑමක් නැහැ. මෙම සිදුවීම වෙලා ඇත්තේ මැයි මාසයට පෙර ඉන්දියානු වෙළෙඳපොළට නිකුත් කළ වාහන සම්බන්ධවයි. ලංකාවට වාහන පැමිණියේ ජූනිවලට පස්සේ. ඒ නිසා ලංකාවේ වාහනවලට එහි අදාළත්වයක් නැහැ“, යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.