September, 25, 2026
මෙරට ගොඩනැගිලි ද්‍රව්‍ය සහ හාඩ්වෙයාර් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන මැන්ස් ලංකා (Pvt) Ltd සමාගම, අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණු SLIM DIGIS 2.6 සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. "The Power Behind the Industry, The Name Behind the Wins" තහවුරු කරමින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කිරීමට මෙම ජයග්‍රහණයන් සමගින් ඔවුන්ට හැකි විය.
Avant Media ආයතනය හා එක්ව දියත් කරන ලද "බලාපොරොත්තුවේ මහා කන්නය" ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන මැන්ස් ලංකා සමාගම ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට පදනම විය. මෙම ප්‍රචාරණ වැඩසටහන එහි උපායමාර්ගික විශිෂ්ටත්වය, නිර්මාණශීලී සංකල්පය සහ පාරිභෝගිකයන් අතරට සාර්ථකව පිවිසීමට තිබූ හැකියාව හේතුවෙන් මෙලෙස ඇගයීමට ලක්විය.
Video Story