September, 28, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වය අද (28) දිනයේ දී තවදුරටත් මන්දගාමී වූ අතර ආයෝජකයින්ගේ උදාසීනත්වය හමුවේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 595.97ක් දක්වා පහත වැටී තිබුණි.
මිල දර්ශකවල ද සැලකිය යුතු පහළ යාමක් දිනය තුළ වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්හකය ඒකක 93.56කින් පහළ ගොස් ඒකක 20,943.79ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 20.00කින් පහළ ගොස් ඒකක 5,920.72ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වුණි.

Video Story