September, 29, 2026
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නවතම තත්ත්වයන් හමුවේ, Cathay Pacific ගුවන් සමාගම සිය මැදපෙරදිග මගී ගුවන් සේවා 2027 ජනවාරි 31 දක්වා අවලංගු කර ඇත.
Cathay Pacific ගුවන් සමාගම විසින් ඊයේ (28) දින නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි ඩුබායි සහ රියාද් වෙත ක්‍රියාත්මක වන මගී ගුවන් ගමන් මේ අනුව විශේෂයෙන් බලපෑමට ලක්වේ.
අවලංගු කරන ලද ගුවන් ගමන්වල ටිකට්පත් හිමි මගීන්ට සිය ගුවන් ගමන් නැවත වේලාවන් වෙන්කරවා ගැනීමට (rebook), වෙනත් ගුවන් මාර්ග ඔස්සේ ගමන් කිරීමට (reroute) හෝ ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමට (refund) පහසුකම් සලසා දී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව දිගටම සමීපව නිරීක්ෂණය කරන බව කැතේ පැසිෆික් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Video Story