September, 29, 2026
නව අයදුම්කරුවන්ට Net Metering සහ Net Accounting ලබාගත නොහැකි පසුබිමක, Storex Renewables වෙතින් ස්වාධීන බලශක්ති හැකියාවෙන් යුත් වත්මන් යුගයට සරිලන ඒකාබද්ධ solar සහ battery storage විසඳුමක්
ශ්‍රී ලංකීය බලශක්ති ක්ෂේත්රයේ අලුත්ම පෙරළියක් සනිටුහන් කරමින්, Storex Renewables (Pvt) Ltd ආයතනය විසින් Sigenergy හි අතිනවීන 'SigenStor Neo' සියල්ල එකම පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන (All-in-one) සූර්ය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. විදුලිබල අමාත්‍යාංශයේ නවතම ප්‍රතිපත්තිමය වෙනස්වීම් හමුවේ වහළ මත සවිකරන සියලුම නව සූර්ය පැනල 'Net Plus' යෝජනා ක්‍රමයට මාරු කරමින්, නව අයැදුම්කරුවන් සඳහා මෙතෙක් පැවති Net Metering සහ Net Accounting ඉවත් කිරීමත් සමඟ, මෙරට බලශක්ති අනාගතය සඳහා ඇති එකම ස්මාර්ට් විසඳුම ලෙසින්, මෙම නවතම විසඳුම පෙරට’විත් තිබේ.
එලෙස අලුත් වන බලශක්ති ප්‍රතිපත්තිත් සමඟ සාම්ප්‍රදායික ක්‍රමවේද අභාවයට යමින් පවතින පසුබිමක, පාරිභෝගිකයින්ට තමන් උත්පාදනය කරන විදුලිය තමන් ළඟම සුරක්ෂිතව තබා ගනිමින්, බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබේ. විශාල පරිමාණයේ බැටරි පද්ධති ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් සහිත Storex Renewables සමාගම, මෙම අභියෝගය ජය ගැනීම සඳහා SigenStor Neo පද්ධතිය රැගෙනවිත් තිබෙන්නේද, එවැන්නක අවශ්‍යතාවය වඩාත්ම තදින් මතුව ඇති වකවානුවක වීම විශේෂත්වයකි.
මෙම නිෂ්පාදනය සතු විශේෂත්වය නම්, එය ඉන්වර්ටරය, බැටරිය, බලශක්ති කළමනාකරණ පද්ධතිය සහ බැකප් මොඩියුලය එකම පද්ධතියක ඒකාබද්ධ කරන ලද ස්මාර්ට් ඒකකයක් වීමයි. දැනටමත් නිවෙස්වල හෝ ව්‍යාපාරවල පවතින සූර්ය පැනල පද්ධති කිසිවක් කඩා ඉවත් කිරීමෙන් හෝ වෙනස් කිරීමකින් තොරව, ඉතා පහසුවෙන් මෙම බැටරි පද්ධතිය ඊට සම්බන්ධ කර ගත හැකි වේ. වෙළෙඳ පොළේ ඉහළම කල්පැවැත්ම, එනම්, ආරෝපණ වාර 10,000 කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම බැටරිය, ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයකට, විශේෂයෙන්ම දූවිල්ලට සහ කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන IP66 ප්‍රමිතියෙන් සකසා ඇත. එමෙන්ම, වැඩිවන විදුලි අවශ්‍යතාවන්ට සරිලන පරිදි ධාරිතාව වැඩිකර ගැනීමට හැකි මෙරට ප්‍රථම Sigenergy ඉන්වර්ටරයද අන්තර්ගත වීම තවත් වාසියකි. හදිසියේ විදුලිය විසන්ධි වුවහොත්, සැණෙකින් බැකප් බලයට මාරුවීමේ හැකියාව මෙන්ම, විවිධ කෝණවලින් සවිකර ඇති පැනල හරහා උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව බලශක්තිය ඇද ගැනීමට මෙම පද්ධතියට හැකියාව ඇත.
මෙම අද්විතීය නිෂ්පාදනය මෙරටට හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Sigenergy හි කලාපීය කළමනාකරු මාර්වින් ෂියාවෝ මහතා සඳහන් කළේ “අපගේ නිෂ්පාදන බෙදා හැරීමට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කදිම සහකරු Storex” බවයි. Windforce PLCසමාගමේ දශක දෙකකට වැඩි පුනර්ජනනීය බලශක්ති අත්දැකීම් ඇති Storex Renewables හි අධ්යක්ෂ ලසිත් විමලසේන මහතා පෙන්වා දුන්නේ, “මෙය සාමාන්‍ය භාණ්ඩයක් නොවෙයි. මෙරට නිවෙස් හා ව්‍යාපාර වෙත සැබෑ පහසුව රැගෙන එන උසස්ම නිෂ්පාදනයක්” බවයි. එසේම, Storex Renewables හි කළමනාකරු ප්‍රබෝධ වෙලගෙදර මහතා අවධාරණය කළේ, “ඉන්වර්ටරය, බැටරිය සහ සූර්ය පැනල එකිනෙක මනාව ගැළපෙන එකම පද්ධතිය මෙය වන බැවින්, පාරිභෝගිකයින්ට පද්ධති එකිනෙක නොගැළපීමේ කිසිදු ගැටලුවකින් තොරව, සැනසිල්ලේ භාවිත කළ හැකියි.” යනුවෙනි.
සූර්ය බලශක්ති සහ බැටරි ගබඩා පද්ධති වෙළඳාම පිළිබඳ විශේෂඥතාවක් සහිත, ශ්‍රී ලාංකීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Storex Renewables (Pvt) Ltd, මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම වන Windforce PLC අනුබද්ධ ආයතනයකි. Sigenergy නිෂ්පාදන ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සම්බන්ධයෙන් බලයලත් ප්‍රධාන සමාගම වන්නේද, Storex Renewables (PLC) සමාගමයි.
Video Story