ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයට නැවුම් බවක් එක්කරමින් Keells වසර 35ක විශිෂ්ට ගමන සමරයි

    September, 29, 2026

    Keells සඳහා ‘නැවුම් බව’යනු හුදෙක් සුපිරි වෙළඳසැල් නිෂ්පාදන සඳහා සීමා වූවක් නොවේ. එය වසර 35 කට අධික කාලයක් පුරා ජනතාවගේ එදිනෙදා ජීවන අත්දැකීම් වැඩිදියුණු කිරීමටත්, ප්‍රජාවන් ශක්තිමත් කිරීමටත්, තමන් සමග ගමන් ගන්නා සමස්ත ජනතාව වෙත නව අවස්ථා උදාකර දීමටත් ගොඩනගා ගත් නොසැලෙන කැපවීම නිරූපණය කරන්නකි.

    තම 150 වන අලෙවිසැල ද විවෘත කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකර සිටින Keells හි මෙම ගමන දෙස ආපසු හැරී බැලීමේදී, නැවුම් බව යනු රාක්කයට එහා ගිය අර්ථයක් ලබා දුන් එකක් බව පැහැදිලි වේ. Keells ජනතාවට සහය වන, ප්‍රජාවන් ශක්තිමත් කරන සහ වඩාත් යහපත් එදිනෙදා අත්දැකීම් ගොඩනගන ආකාරය තුළින්ම එම නැවුම් බව පිළිබිඹු වී තිබේ. ගොවීන් සහ කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමේ සිට පවුල් වෙත නැවුම් තේරීම් සමීප කරවීම දක්වා වූ Keells හි ක්‍රියාකාරීත්වය, නැවුම් බව, පහසුව, විශ්වාසය සහ රැකවරණය ඔස්සේ ජාතියේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. මෙය හුදෙක් නව පොරොන්දුවක් නොව, ආරම්භයේ සිටම Keells හි ගමනට මග පෙන්වූ ප්‍රධාන සංකල්පයයි.

    1991 වසරේදී කොළඹ ලිබර්ටි ප්ලාසා හි ප්‍රථම අලෙවිසැල ආරම්භ කිරීමෙන් පසුව, වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුකූලව Keells සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ඒ අනුව සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාමෙන් ඔබ්බට යමින්, පාරිභෝගිකයන්, ගොවීන්, සැපයුම්කරුවන්, සේවකයන් සහ ප්‍රජාවන් ඒකරාශී කරන ශක්තිමත් පද්ධතියක් ගොඩනැගීමට Keells කටයුතු කර තිබේ. අද වන විට ශ්‍රී ලංකාව පුරා පිහිටි අලෙවිසැල් 150 ක් ඔස්සේ, ජාතියේ ජීවන තත්ත්වය උසස් කිරීමේ තම මූලික අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සන්නාමය කැපවී සිටියි.

    පාරිභෝගිකයන් වෙනුවෙන්, මෙම ගමන Keells දිනපතා ලබා දෙන තේරීම් සහ අත්දැකීම් තුළින් මැනවින් නිරූපණය වේ. ක්ෂේත්‍රයෙන් නැවුම් ලෙස ලබාගන්නා අලුත් එළවළු සහ පලතුරු, සූදානම් කළ ආහාරපාන, පුළුල් වන නිෂ්පාදන එකතුව, නව ආහාර අත්දැකීම් සහ Keells Nexus App වැනි ඩිජිටල් නවෝත්පාදන ඔස්සේ, ශ්‍රී ලාංකික ගෘහස්ථ අවශ්‍යතාවලට අනුකූලව සන්නාමය නිරන්තරයෙන් යාවත්කාලීන වේ. අද වන විට ලක්ෂ 29 කට (මිලියන 2.9) අධික සාමාජිකයන් සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන සිටින Nexus පද්ධතිය, අදාළ ප්‍රවර්ධන වැඩසටහන්, පුද්ගලාරෝපිත දීමනා සහ සුවිශේෂී ත්‍යාග මගින් පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ විශ්වාසනීය Omnichannel අත්දැකීමක් තිළිණ කරයි.

    නැවුම් එළවළු සහ පලතුරු ලබාගැනීමට අමතරව, ගොවිතැන් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ද Keells දිගින් දිගටම ආයෝජනය කරයි. කාන්තා කෘෂිකාර්මික ව්‍යවසායකයන් ඇතුළුව 2,000 කට අධික ගොවීන් පිරිසක් මූල්‍ය සාක්ෂරතාව, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය, කාබනික වගාව සහ තිරසාර වගා ක්‍රමවේද පිළිබඳව පුහුණු කර ඇති අතර, ආදර්ශ ගොවිපළවල් සහ නව කෘෂිකාර්මික තාක්ෂණයන් භාවිතයෙන් අස්වැන්න ඉහළ නැංවීමටත් හානි අවම කරගැනීමටත් ගොවීන්ට සහාය වේ.

    Keells හි මෙම නැවුම් ගමනේ හදවත බඳු වන්නේ එම සේවාවන් යථාර්ථයක් බවට පත්කරන ගොවි ප්‍රජාවයි. නැවුම් එළවළු පළතුරු එකතු කිරීමේ මධ්‍යස්ථාන 10 ක් හරහා සක්‍රීය ගොවීන් 4,000 කට අධික සංඛ්‍යාවක් සමග කටයුතු කරමින්, කෘෂිකාර්මික ප්‍රජාවන් දිවයින පුරා සිටින පාරිභෝගිකයන් සමග සෘජුව සම්බන්ධ කරන ජාලයක් නිර්මාණය කිරීමට Keells සමත් වී ඇත. ‘ගොවි දිරිය’ වැනි වැඩසටහන් හරහා, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය, තිරසාර වගාව සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතිකකරණය වෙනුවෙන් ගොවීන්ට සහාය හිමි වන අතර, එල් නිනෝ වැනි අභියෝග සඳහා සූදානම් වීමට අවශ්‍ය දැනුවත්භාවය සහ පූර්වාරක්ෂිත පියවරයන් ද ලබාදේ.

    6,500 කට අධික සේවක මණ්ඩලයකින් සමන්විත මෙම ආයතනය, පුහුණු කිරීම්, වෘත්තීය සංවර්ධනය සහ සුභසාධන වැඩසටහන් ඔස්සේ නව අවස්ථා උදාකර දෙයි. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) සහතිකකරණය වැනි හවුල්කාරීත්වයන් හරහා, සේවකයන්ට තම රැකියාවේ නිරත වන අතරතුර පිළිගත් වෘත්තීය කුසලතා ගොඩනගා ගැනීමටත් වෘත්තීයමය වශයෙන් ඉදිරියට යාමටත් Keells උපකාර කරයි. මීට අමතරව, ‘She Rises’ වැඩසටහන හරහා කාන්තාවන්ගේ නායකත්ව සංවර්ධනය සහ වෘත්තීය වර්ධනය උදෙසා සහාය වීම, ‘Peace Pod’ හරහා මානසික සහ සමාජයීය සුභසාධන උපදේශන ලබාදීම, සහ මූල්‍ය සුභසාධන වැඩසටහන මගින් පුද්ගලික මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීම් ලබාදීම ඇතුළු විවිධ ජීවන අදියරයන්හිදී සේවකයන්ට සහාය වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

    Keells හි කැපවීම අලෙවිසැල්වලට පමණක් සීමා නොවී, සමාගම සේවය කරන සමස්ත ප්‍රජාව වෙතම පැතිර යයි. පෙරපාසල් ආහාර වේල් පිරිනැමීමේ වැඩසටහන්, අතිරික්ත ආහාර නැවත බෙදාහැරීමේ ප්‍රයත්නයන් සහ යෞවන සංවර්ධන වැඩසටහන් හරහා පොදු අගයක් නිර්මාණය කිරීමට Keells කටයුතු කරයි. පෙරපාසල් ආහාර වේල් වැඩසටහන මගින් පෙරපාසල් 116 ක දරුවන් 4,500 කට අධික සංඛ්‍යාවකට ආහාර වේල් 538,000 කට වඩා ලබා දී ඇති අතර, ජෝන් කීල්ස් පදනම සහ Rainbow Institute එක්ව සංවිධානය කරන Skill Into Progress (SKIP) වැඩසටහන මගින් දිවයින පුරා මධ්‍යස්ථාන 10 ක සිසුන් 1,322 දෙනෙකුට සහාය ලබා දී තිබේ. ඉන් සිසුන් 280 දෙනෙකු සහතිකපත්‍ර හිමිකරගෙන ඇති අතර, ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

    Keells අනාගතය දෙස බලන්නේ, ජනතාව සවිබල ගැන්වීම, ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ වඩාත් යහපත් එදිනෙදා අත්දැකීම් නිර්මාණය කිරීම තුළින් වසර ගණනාවක් පුරා ගොඩනගාගත් පුළුල් දැක්මද පෙරදැරිවය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන් කරන කුඩා දෙයකින් පවා නැවුම් බවක් අත්විඳීමටත්, නව අවස්ථාවන් සොයාගනිමින් එදිනෙදා ජීවිතය තවත් යහපත් කරගැනීමටත් ආනුභාවයක් වීමට Keells බලාපොරොත්තු වේ.

    මන්දයත්, ජීවිතයට නැවුම් බවක් එක්කිරීම යනු හුදෙක් නිවසට රැගෙන යන දෙය පිළිබඳවම පමණක් නොවන බැවිනි. එය අප උදාකරන අවස්ථාවන්, අප ශක්තිමත් කරන ප්‍රජාවන්, අප සියලු දෙනා එක්ව ගොඩනගන යහපත් හෙට දිනය, සහ නැවුම් ආකාරයකින් ජීවත් වීමට අප සැම දිරිගන්වන ආකාරය පිළිබඳවය.