Hotel, Hospitality & Food Asia 2016 ප‍්‍රදර්ශනය අතිසාර්ථක ලෙස නිමාව දකී

    October, 16, 2016

    4 වැනි වරටත් පැවැත්වුණු Hotel, Hospitality & Food Asia 2016 ප‍්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත්විය. ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම ප‍්‍රදර්ශනයට හෝටල් හා සත්කාරක ක්ෂේත‍්‍රයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර නව නිෂ්පාදන රැසක් ද එහිදී ප‍්‍රදර්ශනය කරන ලදි. ප‍්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කරන ලද්දේ සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා විසිනි.

    ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන සංවිධායකයන් ලෙස කටයුතු කළ MP Events Lanka (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ එමිල් ගුණසේකර මහතා පැවසුවේ මෙම ප‍්‍රදර්ශනයට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් සහභාගී වීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බවයි. ”මෙයට සම්බන්ධ වූ අනුග‍්‍රාහකයන් හා ප‍්‍රදර්ශකයන් ඇතුළු සියලූදෙනා වෙත මගේ ස්තූතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ප‍්‍රදර්ශනයේදී සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු කිහිපයකුත් පැවැත්වීමට ද අපට අවස්ථාව ලැබුණා. ඉදිරියේදී මේ උත්සාහය තව තවත් පුළුල් කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රදර්ශනකරුවන් හා නරඹන්නන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගන්නා ප‍්‍රදර්ශනයක් බවට මෙය පත් කිරීම අපේ ඉලක්කයයි. ඒ සඳහා අපගේ කණ්ඩායම් ඉතාමත් විශ්වාසයෙන් යුතුව පියවර ගනිමින් සිටිනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    මෙම වසරේදීත් මෙම ප‍්‍රදර්ශනය විවෘත කිරීමට ලැබීම ගැන සිය සතුට පළකළ ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරියේදී ක්ෂේත‍්‍රයට තව තවත් ප‍්‍රතිලාභ පිරිනැමීමට හැකිවන ප‍්‍රදර්ශනයක් බවට මෙය දියුණු වේවායි ප‍්‍රාර්ථනා කළේය. ”ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා රජය කැපවී කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා මෙවැනි ප‍්‍රදර්ශන වලට වැඩි වැඩියෙන් ප‍්‍රදර්ශකයන් සහ නරඹන්නන් පැමිණෙනු දැකීම අපේ බලාපොරොත්තුවයි.” ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

    ප‍්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා සංචාරක අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ශ‍්‍රී ලංකා සම්මුති කාර්යාංශය, ආයෝජන මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය, ශ‍්‍රී ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වෘත්තීය ප‍්‍රදර්ශන හා සම්මන්ත‍්‍රණ සංවිධායකවරුන්ගේ සංගමය, සංචාරක ක්ෂේත‍්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංගමය සහ කලාපීය හොටල්කරුවන්ගෙ ්සංගමය යන සංවිධාන හා ආයතනවල සහයෝගය හිමි විය. මෙම ප‍්‍රදර්ශනය MP Events Lanka (පුද්) සමාගම විසින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා China Council for Promotion of International Trade සහ BM Sub Council Beijing හි සම සංවිධායක දායකත්වය ලැබිණි. ප‍්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග‍්‍රාහක UK Enterprise (පුද්.) සමාගම කටයුතු කළේය.

    සත්කාරක ක්ෂේත‍්‍රයේ අංශ රැුසක් නියෝජනය කරමින් ප‍්‍රදර්ශකරුවන් රාශියක් තම නිෂ්පාදන මෙම ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි. ආහාරපාන, මෘදුකාංග පද්ධති, හෝටල් උපකරණ, ගෘහ භාණ්ඩ සහ උපාංග, ඇසුරුම්, පාරිභෝගික භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය වැනි දේ මෙසේ ප‍්‍රදර්ශනයේදී දැක බලා ගත හැකි විය.

    ක්ෂේත‍්‍රයේ දැනට සිටින සැපයුම්කරුවන්ට නව ගැනුම්කරුවන් සොයා ගැනීමටත්, නව සැපයුම්කරුවන්ට ගැනුම්කරුවන් හා සම්බන්ධ වීමටත් මෙන්ම ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට වෙළඳපොළට ඇතුළු වීමටත් මෙම ප‍්‍රදර්ශනය මාවතක් සපයයි. එමෙන්ම මෙය ගැනුම්කරුවන්ට නව සැපයුම්කරුවන් හඳුනාගෙන වඩාත් විධිමත් මිලදී ගැනීම් තීරණ ගැනීමට මෙන්ම දැනට සිටින සැපයුම්කරුවන්ගේ නව නිෂ්පාදන හා සේවාවන් වඩාත් හොඳින් දැකබලා ගැනීමටත් මනා වේදිකාවක් වේ.

    වේගයෙන් පුළුල් වෙමින් පවතින සත්කාරක ක්ෂේත‍්‍රයට අවශ්‍ය වී තිබෙන පරිදි එම ක්ෂේත‍්‍රයේ සාමාජික සාමාජිකාවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගත් වැඩසටහන් රැුසක් ඇතුළත් තිබීම මෙවර ප‍්‍රදර්ශනයේ විශේෂ ලක්ෂණයක් විය. මෙම වැඩසටහන් අතරට සත්කාරක ක්ෂේත‍්‍රයේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති පිළිබඳ වැඩසටහනක්, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මඟින් පවත්වන ලද කාබනික සහ තත්ත්ව සහතිකකරණය පිළිබඳ වැඩසටහනක්, RH Training මඟින් සංවිධානය කරන ලද හෝටල් නඩත්තු කළමනාකරණ වැඩසටහනක්, ්ි" Asian Institute of Excellence මඟින් පවත්වන ලදි ‘Lean Management Tools for the Leisure Industry’ වැඩසටහන සහ Motorola මඟින් පවත්වනු ලබන Elevated Guest Experience with Motorola Intelligent Radios’ වැඩසටහන ආදිය ඇතුළත් වී තිබිණි.