Etihad Airways සඳහා A330 පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවය කලාපීය ගුවන් සේවා පුහුණු හැකියාව තවදුරටත් ශක්තිමත් කරයි

    October, 2, 2026

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් පුහුණු අංශය (Flight Training) විසින් Etihad Airways හි A330 ගුවන් නියමු පුහුණු  පරීක්ෂකවරුන් හය දෙනෙකු සඳහා විශේෂිත පුහුණු වැඩසටහනක් (Airbus A330 Line Flying Under Supervision-LFUS)  සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු සහ මෙහෙයුම් හැකියාවන් කෙරෙහි Etihad Airways විසින් තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වූ අතර, ජාතික ගුවන් සේවා දෙක අතර පවතින වෘත්තීය සබඳතාව ද තවදුරටත් ශක්තිමත් විය.

    Etihad Airways හි 'Type Rating' ගුවන් නියමු පරීක්ෂකවරුන් (TREs) පස් දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ 'Type Rating' ගුවන් නියමු පරීක්ෂකවරයෙකු (STRE) මෙම වැඩසටහනට සහභාගී වූහ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් පුහුණු උපදේශකවරුන්, අත්දැකීම් බහුල ගුවන් කාර්ය මණ්ඩලය සහ සහායක මෙහෙයුම් කණ්ඩායම්වල විශේෂඥ දැනුම හා අත්දැකීම් උපයෝගී කරගනිමින්, පැමිණි විභාග නියමු නිලධාරීන් සඳහා ආරක්ෂිත, ඵලදායී සහ වෘත්තීයමය වශයෙන් ප්‍රයෝජනවත් පුහුණු අත්දැකීමක් ලබා දෙන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් චමින්ද ද සොයිසා මහතා වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, “ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මෙම අවස්ථාව එක් පුහුණු වැඩසටහනකට පමණක් සීමා වූ අවස්ථාවක් නොවේ. අප සතු Airbus A330 ගුවන් යානා සමූහය, පළපුරුදු පුහුණු උපදේශකවරුන්, මෙහෙයුම් විශේෂඥතාව සහ ස්ථාපිත පුහුණු යටිතල පහසුකම් උපයෝගී කරගනිමින්, ලොව ප්‍රමුඛ පෙළේ අනෙකුත් ගුවන් සේවා සමාගම්වල ගුවන් සේවා වෘත්තිකයන්ගේ පුහුණුව හා වෘත්තීය සංවර්ධනය සඳහා සහාය වීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට ඇති හැකියාව මෙය මගින් පෙන්නුම් කරයි. එමෙන්ම, ජාත්‍යන්තර ගුවන් සේවා ක්‍රියාකරුවන් සඳහා විශේෂිත සහ උසස් තත්ත්වයේ පුහුණු විසඳුම් ලබාදෙමින්, කලාපීය ගුවන් සේවා පුහුණු හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් පුහුණු අංශයට ඇති හැකියාව ද මෙම වැඩසටහන මගින් අවධාරණය කරයි.”

    මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පුළුල් සැලසුම්කරණයක් සහ සම්බන්ධීකරණයක් සිදු කරන ලදී. අවශ්‍ය නියාමන රාමුව ස්ථාපිත කිරීම සහ අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL), ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහාය හිමි වූ අතර, එමගින් වැඩසටහන බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් විය.

    මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් ගමන් මෙහෙයුම්වලට පමණක් සීමා නොවූ සිය විශේෂඥ දැනුම සහ හැකියාවන් තවදුරටත් ප්‍රදර්ශනය කරමින් සිටී. ලොව පුරා ගුවන් සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනයට සහාය වීම මෙන්ම, වෘත්තීය ගුවන් සේවා පුහුණුව සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා දායක වීමේ හැකියාවද මෙවැනි වැඩසටහන් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවය තවදුරටත් තහවුරු කරයි.

    L–R: Capt Georgios Mitselos of Etihad Airways; Capt Dushantha Jayaweera, Chief Pilot Training and Standards, SriLankan Airlines; and Capt Ignacio Griffo of Etihad Airways

    L–R: Capt Paul Binks of Etihad Airways; Capt Dushantha Jayaweera, Chief Pilot Training and Standards, SriLankan Airlines; and First Officer Aloka Ranasinghe of SriLankan Airlines

    L–R: Capt Dushantha Jayaweera, Chief Pilot Training and Standards, SriLankan Airlines; Capt Gautam Nayyar of Etihad Airways; and Capt Chaminda De Zoysa, Head of Flight Operations, SriLankan Airlines

    L–R: Capt Niranjan Johnpulle, Type Rating Examiner, SriLankan Airlines; Capt Arjun Menon of Etihad Airways; and Capt Dushantha Jayaweera, Chief Pilot Training and Standards, SriLankan Airlines

    L–R: Capt Kshemendra Weeratunga, Type Rating Examiner, SriLankan Airlines; Capt Mohammad Al Ramahi of Etihad Airways; and Capt Dushantha Jayaweera, Chief Pilot Training and Standards, SriLankan Airlines

    Video Story

    Stock Market

    Exchange Rates