ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ රැකියා ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

    October, 2, 2026

    ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතිය නවීකරණය කිරීම, තරුණ තරුණියන්ට කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන කුසලතා ලබා දීම සහ රටේ රැකියා අවස්ථා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල මත පදනම් වූ ණය මුදලක් (results-based loan) අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත.

    කුසලතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන (Skills Development System Transformation Program) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් පුහුණු ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සබඳතා ශක්තිමත් කිරීමත්, තරුණ පරපුරට රැකියා අවස්ථා පුළුල් කිරීමත් සිදු කෙරේ. විශේෂයෙන්ම මෝටර් රථ තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රයන්හි කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා ඉහළ නැංවීමට මෙහිදී ප්‍රමුඛතාව හිමිවේ.

    මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුල්‍ය පහසුකම පහත පරිදි කොටස් වලින් සමන්විත වේ. එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක සාමාන්‍ය ණය මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක සහනදායි ණය මුදලක්. මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් 500,000 ක තාක්ෂණික සහායක ප්‍රදානයක් ද  (technical assistance grant) ලබා දෙනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates