October, 2, 2026
දශක තුනහමාරක කාලයක් පුරා ඒකක භාර අරමුදල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් ලෙස අත්දැකීම්, වෘත්තීය විශේෂඥතාව සහ ආයෝජක විශ්වාසය සමඟින් Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Wealth Management) සිය 35 වැනි සංවත්සරය පසුගියදා සනිටුහන් කළේය.
ශ්‍රී ලංකාවේ විවිධ ආර්ථික තත්ත්වයන් සහ වෙනස්වන වෙළෙඳපොළ පරිසරයන් හමුවේ අඛණ්ඩව සිය මෙහෙයුම් පවත්වාගෙන යමින්, දිගුකාලීන ස්ථාවරත්වයක් සහ ශක්තිමත් ආයතනික පදනමක් ගොඩනගා ගැනීමට Ceybank සමත්ව තිබේ. පරම්පරා ගණනාවක් පුරා ආයෝජකයන් විසින් ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසයද එහි දීර්ඝකාලීන පැවැත්ම සහ වෘත්තීය විශ්වසනීයත්වය මැනවින් පිළිබිඹු කරයි.
කොළඹ පිහිටි Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ සැමරුම් උත්සවයක් පැවැති අතර, සමාගමේ කොටස් හිමියන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු පිරිසක් එයට සහභාගී වූහ. මෙහිදී Ceybank මේ දක්වා පැමිණි සාධනීය ගමන් මඟ මෙන්ම එහි අනාගත දැක්ම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
Ceybank හි ප්‍රධානතම කොටස්කරුවා වන ලංකා බැංකුවේ (BOC) සභාපති කාවින්ද ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එය Ceybank සහ ලංකා බැංකුව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් වූ අතර, වඩාත් පැහැදිලි දැක්මක් සහ නව මඟපෙන්වීමක් සහිතව ඉදිරියට යන Ceybank හි සංවර්ධන ගමන් මඟ පිළිබඳවද ඒ මහතා සිය විශ්වාසය පළ කළේය.
Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනයේ කොටස්කාර සමාගම් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව Ceybank හි 44%ක ප්‍රාග්ධන හිමිකාරීත්වයක් දරයි. එමඟින් Ceybank වෙත ශක්තිමත් මූල්‍ය පදනමක්, ඉහළ විශ්වසනීයත්වයක් මෙන්ම දිවයින පුරා විහිදුණු පුළුල් ශාඛා ජාලයක් හරහා පාරිභෝගිකයන් වෙත සමීප වීමේ හැකියාවද හිමි වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) 26%ක කොටස් හිමිකාරීත්වයක් දරන අතර එමඟින් ද Ceybank ආයතනික පදනමෙහි ශක්තිමත්භාවය සහ විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කිරීමට දායක වේ.
ඉන්දියාවේ ආයෝජන කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Specified Undertaking of Unit Trust of India (SUUTI) ආයතනය Ceybank හි 17.5%ක සාමාන්‍ය කොටස් හිමිකාරීත්වයක් දරයි. SUUTI සතු තාක්ෂණික ශක්තිය සහ උපායමාර්ගික ගෝලීය දැක්ම, Ceybank හි ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ ඉදිරි දැක්ම පුළුල් කිරීමට දායක වී තිබේ.
Ceybank හි 12.5%ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන්නේ කලාපීය ප්‍රමුඛ ව්‍යාපාරික සමූහයක් වන Carson Cumberbatch PLC විසිනි. එම සමාගම සතු සාර්ථක ආයෝජන පසුබිම සහ ස්ථාවර වෙළෙඳපොළ පැවැත්ම Ceybank හි ව්‍යාපාරික සබඳතා සහ ක්ෂේත්‍රීය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම සුවිශේෂී කොටස් හිමිකාරීත්ව ව්‍යුහය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ දැනුම සහ විවිධාංගීකරණය වූ ආයතනික සහයෝගීතාව එකට එක් කරමින්, Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය වෙළෙඳපොළ තුළ ශක්තිමත් ස්ථානයක් ගොඩනගාගෙන ඇත.
Ceybank හි ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමේදී ලංකා බැංකුව සමඟ පවතින සබඳතාව තවදුරටත් වැදගත් වන අතර, සාමූහික ශක්තිය වඩාත් පුළුල් ලෙස උපයෝගී කර ගැනීමට අපේක්ෂා කෙරේ. Ceybank සතු ආයෝජන විශේෂඥතාව, ලංකා බැංකුව සතු පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය සහ ශක්තිමත් ශාඛා ජාලය සමඟ ඒකාබද්ධ කිරීම තුළින්, ඉදිරි වසරවලදී පාරිභෝගිකයන් වෙත වඩාත් කාර්යක්ෂම සහ ඒකාබද්ධ මූල්‍ය විසඳුම් පිරිනැමීමට අවස්ථා උදා වනු ඇත.
වසර 35ක කාලයක් පුරා මුදල් වෙළෙඳපොළ හා කොටස් වෙළෙඳපොළ ආශ්‍රිත විවිධ අරමුදල් කළමනාකරණයෙහි වෘත්තීයමය අත්දැකීම් සමඟින් Ceybank ආයතන විශිෂ්ට කීර්තිනාමයක් දිනාගෙන ඇත. ආයතනික මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන විධිමත් ක්‍රමවේද මෙන්ම විවිධ වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ ආයෝජන කළමනාකරණය කිරීම සඳහා ශක්තිමත් පදනමක් Ceybank සතුව ඇත.
Ceybank ආයතනය තුළ පුද්ගලික අභිමත අයෝජන කළමණාකරනය (Discretionary Portfolio Management) සම්බන්ධයෙන්ද පුළුල් විශේෂඥ දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත සේවය ලබා දේ.සමාගම්, ආයතන සහ ඉහළ ශුද්ධ වත්කම් සහිත පුද්ගලයන්ගේ විවිධ ආයෝජන අවශ්‍යතා සහ අරමුණු සඳහා ගැළපෙන ආයෝජන විසඳුම් මෙහිදී පිරිනමනු ලබයි.
සෑම ආයෝජන කලඹක්ම සැලසුම් සහගත ලෙස විධිමත් අධීක්ෂණයක් යටතේ, සේවාදායකයාගේ ආයෝජන අරමුණු, අවදානම් දරාගැනීමේ හැකියාව, මුදල් නැවත ලබා ගැනීමේ කාලයට ගැලපෙන පරිදි වෘත්තීයමය ලෙස කළමනාකරණය කෙරේ.
මෙරට ප්‍රථම වර්ධන අරමුදල වන Ceybank Century Growth Fund (CCGF) සහ ශ්‍රී ලංකාවේ විශාලතම සමබර ආයෝජන අරමුදල වන Ceybank Unit Trust Fund (CUT) අරමුදල් Ceybank ආයතනය පිළිබඳව ආයෝජකයන් විසින් තබා ඇති විශ්වාසය පිළිබිඹු කරයි.
‘වසර 35ක් සහ ඉන් ඉදිරියට?’ – අනාගතය සඳහා නව දැක්මක්
වසර 35ක ගමන් මඟ සනිටුහන් කරමින් Ceybank ‘වසර 35ක් සහ ඉන් ඉදිරියට?’ යන තේමාව යටතේ නවීන වෙළෙඳපොළ ප්‍රවණතා සමඟ අනුගත වෙමින් ඉදිරියට යාමට සිය සූදානම පෙන්වා දෙයි.
සමාගම සිය ඉදිරි වර්ධන අදියර වෙත ප්‍රවේශ වෙමින්, ආයෝජකයන් සඳහා සේවාවන් වෙත පහසු ප්‍රවේශය, උසස් සේවා ප්‍රමිතීන්, පුළුල් බෙදාහැරීමේ ජාලය සහ උපායමාර්ගික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
“CEY360” වැනි විශේෂිත ඩිජිටල් වේදිකා හරහා සිදු කරන ඩිජිටල් පරිවර්තනය, ආයෝජකයන්ට වඩාත් සරල, පහසු සහ කාර්යක්ෂම ආයෝජන කළමනාකරණ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. දශක ගණනාවක් පුරා Ceybank හි අනන්‍යතාවයට හේතු වූ වෘත්තීය විශේෂඥතාව සහ පාරිභෝගික සබඳතා මත පදනම් වූ සේවා අත්දැකීම සමඟ නවීන ඩිජිටල් හැකියාවන් ඒකාබද්ධ කරමින්, තාක්ෂණය සහ පුද්ගලික සේවා අත්දැකීම අතර සමබර සබඳතාවක් ගොඩනැගීමට Ceybank කටයුතු කරයි.
වර්තමානයේ ආයෝජකයන් භූගෝලීය සීමාවන් හෝ සාම්ප්‍රදායික කාර්යාල වේලාවන්ට සීමා නොවී තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ සිය ආයෝජන කළමනාකරණය කිරීමට වැඩි උනන්දුවක් දක්වන පසුබිමක, ඩිජිටල් ප්‍රවේශය හඳුන්වා දී ඇත්තේ Ceybank හි වෘත්තීය විශේෂඥතාව සහ පුද්ගලික සේවා අත්දැකීම තවදුරටත් ශක්තිමත් කරමිනි.
වෘත්තීයමය ලෙස කළමනාකරණය කෙරෙන ආයෝජන සඳහා වැඩි ආයෝජකයන් පිරිසකට සහභාගී වීමේ අවස්ථාව සලසා දීම Ceybank හි අරමුණකි. ඒ අනුව, මහා පරිමාණ සමාගම්, ආයතන සහ ඉහළ ශුද්ධ වත්කම් සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවී, සාමාන්‍ය ශ්‍රී ලාංකික ආයෝජකයාටද වෘත්තීය ආයෝජන කළමනාකරණ සේවා සඳහා ප්‍රවේශය පහසු කිරීම කෙරෙහි Ceybank අවධානය යොමු කර ඇත.
Ceybank හි ඉදිරි පරිච්ඡේදය සඳහා විශේෂාංගීකරණය වූ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත.එමෙන්ම පුළුල් බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරමින් උපායමාර්ගික හවුල්කාරීත්වයේ සහය ද සමඟින් උසස් ඩිජිටල් තාක්ෂණික හැකියාවන් සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
Video Story