ආණ්ඩුවේ මුළු ණය බිලියන නවදහස ඉක්මවයි

    October, 17, 2016

    2016 දෙවන කාර්තුව වන විට ආණ්ඩුව විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,062.2 ක් ලෙසින් වාර්තා වේ.

    මෙයින් රුපියල් බිලියන 5,391.1 ක් දේශීය ණය ලබා ගැනීම් වන අතර රුපියල් බිලියන 3,671.1 ක් විදේශීය ණය ගැනීම් වේ.

    2015 වසර අවසානයේ දී ආණ්ඩුව විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2 ක් ලෙසින් සටහන් වූ අතර එය 2016 දෙවන කාර්තුව අවසන් වන විට තවත් රුපියල් බිලියන 559 කින් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.