October, 6, 2026
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි.
2026 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා උදෑසන 7.00 ට, කොළඹ 07, විහාරමහාදේවි උද්‍යානයේ සතුටු උයන ඉදිරිපිටින් ආරම්භ වන මෙම පා ගමන කොළඹ නගරයේ මධ්‍යය හරහා කිලෝමීටර 5 කට අඩු, පහසු ගමන් මාර්ගයක් ගෙවා නැවත උද්‍යානයේ බෑන්ඩ් ස්ටෑන්ඩ් පිටියෙන් අවසන් කිරීමට සංවිධායකයන් බලාපොරොත්තුවේ.
මෙය හුදෙක් පා ගමනකට වඩා වැඩි යමක්ය. මානසික සෞඛ්‍යය පිළිබඳ විවෘත සංවාද ඇතිනීරිමට සහිභාගිවන්නන් ඇතුලු සියලුම අය දිරිමත් කිරීමට සහ කිසිවෙකුත් තම කනස්සල්ල තනිව දරාගත යුතු නැති බව මතක් කර දීමට Let’s TALK & Walk පා ගමනේ ප්‍රධාන අරමුණයි.
Let’s TALK & Walk පා ගමන හරහා රැස්කරන අරමුදල්, ශ්‍රී ලාංකික ළමා සහ තරුණ අය 1,000 දෙනෙකු පුහුණු කිරීම හා දැනුවත් කිරිමේ වැඩසටහන් සදහා යොදා ගන්නා අතර, ළමයින්ටත් තරුණයින්ටත් දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක්වූ බව හැඟෙන ආරක්ෂිත පරිසරයන් ගොඩනැගීමත් එ හරහා මානසික යහපැවැත්මත් ඇති පරිසරයක් නිර්මාණය කිරිම අපගේ බලාපොරොත්තු වේ.
Let’s TALK වැඩසටහන සරල නමුත් ශක්තිමත් මූලධර්ම හතරක් මත පදනම් වේ:
අපි මේ ආකාරයෙන් කතා “TALK” කරන විට, අපට “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක්වූ” බව දැනේ. එයයි මෙම වැඩසටහනේ අරමුණ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, දුරකතනය හරහා කිසිදු ගාස්තුවකින් තොරව සහ රහසිගතව, නිර්නාමිකව සේවය ලබා දෙන 1333 අර්බුද නිරාකරණ සහාය සේවාවේ තවත් එක් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස Let’s TALK & Walk පා ගමන හදුන්වා දිය හැකිය. මෙම පා ගමනේ දී උක්ත සේවාව පිළිබද ජනතාව දැනුවත් කිරිමද බලාපොරොත්තු වේ.
Let’s TALK & Walk පා ගමන සදහා සහභාගිවන්නෙකුට ලියාපදිංචි ගාස්තුව රු. 1,000 කි. සෑම ලියාපදිංචියක්ම, මානසික යහපැවැත්ම පිළිබඳ පණිවිඩය අපගේ ප්‍රජාවන්ගෙන් පාසල් වෙතත්, එතැනින් මුළු රටටත් රැගෙන යාමට දායක වේ.
“Let’s TALK & Walk 2026” යනු සී.සී.සී. පදනමේ / 1333 අර්බුද නිරාකරණ සහාය සේවාවේ මුලපිරීමකි. එයට හෙරිටන්ස් හෝටල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් (Heritance Hotels & Resorts), කොළඹ (Host) සිංහ සමාජය, කොළඹ සර්කල් සිංහ සමාජය සහ KIU ශ්‍රී ලංකා ආයතන සහාය දක්වයි.
පුද්ගලයින්, පවුල්, පාසල්, සමාගම්, ආයතන, ප්‍රජා කණ්ඩායම් සහ මානසික යහපැවැත්මේ වැදගත්කම විශ්වාස කරන සැමට මෙම පාගමනට එක්වන ලෙස සංවිධායකයින් ආරාධනා කරයි.
ජීවිත ගමනේ අපිට නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා අපි ඒ සියල්ලම තනීම විදදරාගත යුතු ද? අවැසි මොහොතක අපට තැබිය හැකි එඩිතරම පියවර වන්නේ සංවාදය ආරම්භ කිරීමයි. එන්න අපි කතා කරමු !! කතා කරන ගමන් ඇවිදිමු !!
දිනය: 2026 ඔක්තෝබර් 10, සෙනසුරාදා
වේලාව: උදෑසන 7.00
ස්ථානය: විහාරමහාදේවි උද්‍යානය – බෑන්ඩ් ස්ටෑන්ඩ් පිටිය, කොළඹ 07
ලියාපදිංචි ගාස්තුව: පුද්ගලයෙකුට රු. 1,000
ලියාපදිංචි වීමට: https://1333.lk/events/3
පා ගමන පිළිබඳ සියලු තොරතුරු සඳහා අමතන්න:
ජයංගී විජේවර්ධන – 077 787 5555
අපි සැමට විවෘතව කතා කරන්න ඉඩ දෙමු!! .

Video Story