October, 6, 2026
ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාෂ ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම් සිදු කර තිබේ.
ඒ අනුව, එකී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s Master Hellie's Engineering Consultants (Pvt) Ltd. වෙත දේශීය සංරචකය ලෙස රුපියල් මිලියන 52.44ක මුදලක් (එකතු කළ අගය මත බදු රහිත) සහ විදේශීය සංරචකය ලෙස ඇමෙරිකානු ඩොලර් 122,859ක මුදලක් ඇතුළත් වන පරිදි රුපියල් මිලියන 91.21ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story