Khayaban පස්වැනි ශාඛාව Arcade Independence Square හිදී විවෘත වෙයි

    October, 6, 2026

    පාකිස්තානීය ආහාර සංස්කෘතියේ ඇති සුවිශේෂී රසයන් මෙරටට හඳුන්වා දුන් ප්‍රමුඛතම සූපශාස්ත්‍ර සන්නාමයක් වන Khayaban, සිය පස්වැනි ශාඛාව කොළඹ පිහිටි Arcade Independence Square පරිශ්‍රයේදී ආරම්භ කරමින්, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 1998 වසරේදී ආරම්භ වූ සිය සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු මත පදනම් වූ පාරම්පරික උරුමය ඉදිරියට ගෙන යමින්, පාකිස්තානයටම ආවේණික, විවිධාංගීකරණය වූ සුවිශේෂ රසයන්ගෙන් සමන්විත අත්දැකීමක් මෙරට පාරිභෝගිකයා වෙත සමීප කිරීමට Khayaban නිරන්තරයෙන් කැපවී සිටියි.

    ආරම්භයේ සිටම කොළඹ නගරයේ දියුණු වන ආහාර සංස්කෘතියේ සක්‍රීය කොටස්කරුවෙකු වූ Khayaban, පාකිස්තානීය ආහාරවල ඇති විවිධත්වය මෙරට පාරිභෝගිකයන්ට සමීප කළේය. ඉන්පසු 2022 වසරේදී One Galle Face Mall පරිශ්‍රය මූලික කරගනිමින් නව මුහුණුවරකින් අලුත් වූ මෙම සන්නාමය, සිය සාම්ප්‍රදායික වට්ටෝරු, තාක්ෂණය සහ ආගන්තුක සත්කාර රැකගනිමින් නව පරම්පරාව වෙත එම සුවිශේෂී රසයන් රැගෙන යාමේ අරමුණින් සිය ව්‍යාපාරික ගමන අලුත් මානයකට යොමු කළේය.

    Arcade Independence Square හි අලුතින් විවෘත කරන ලද food truck රථය, Khayaban හි තවත් වැදගත් සන්ධිස්ථානයක් වනවා. මෙය හුදෙක් ශාඛා ව්‍යාප්තියක් පමණක් නොව, කොළඹ නගරයේ ජනප්‍රියම ජීවන රටා සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් තුළ සිටින පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියෙන් යුත් සාම්ප්‍රදායික ආහාර, සුහදශීලී ආගන්තුක සත්කාරය සහ විශිෂ්ට භෝජන අත්දැකීමක් ලබා දීමට ඇති කැපවීම තහවුරු කිරීමකි.

    Khayaban යනු ශ්‍රී ලංකාව පුරා සුවිශේෂී සන්නාම සමූහයක් ගොඩනගමින් සිටින Liberty Lands & Developments (LLD) සමූහ ව්‍යාපාරයේ ආහාර පාන ජාලය වන Food Studio හි එක් අංගයකි. ප්‍රබල ආහාර සංකල්ප නිර්මාණය කිරීම සහ ඒවා ව්‍යාප්ත කිරීම කෙරෙහි Food Studio ආයතනය තබා ඇති අවධානයත් සමග, Khayaban සිය පාරම්පරික පාකිස්තානීය සූපශාස්ත්‍ර උරුමය තවදුරටත් ශක්තිමත් කරමින් සිටියි. එහි ඇති පාරම්පරික බව සහ ඉදිරි ව්‍යාප්තිය උදෙසා වන දැක්ම එකට එක් කරමින්, සිය සන්නාමය තවදුරටත් පාරිභෝගිකයන් අතරට ගෙන යාමට Khayaban කැපවී සිටියි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Khayabanහී අධ්‍යක්ෂ Naufer Cassim මහතා ප්‍රකාශ කළේ, 1998 වසරේ ආරම්භයේ සිටම පාකිස්තානයේ ආවේණික රසයන්, සංස්කෘතික උරුමය සහ උණුසුම් ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ දැඩි උද්‍යෝගයකින් Khayaban ක්‍රියාත්මක වූ බවයි. කොළඹ ආහාර ක්ෂේත්‍රයේ වෙනස්කම් සමග සන්නාමය වර්ධනය වුවද, එහි පැවති විශ්වාසනීයත්වය සහ සැබෑ සාම්ප්‍රදායික බව සැමවිටම සුරක්ෂිත කළ බවත්, පාකිස්තානීය සූපවේදීන්ගේ අත්දැකීම් සහ පාරම්පරික පිසීමේ ක්‍රමවේද හරහා සෑම කෑම වේලකටම සුවිශේෂී රසයක් එක් කරන බවත් ඒ මහතා පැවසීය. එමෙන්ම සිය ආයතනයේ සුවිශේෂී බිරියානි, කෙබාබ් මෙන්ම සාම්ප්‍රදායික ව්‍යාංජන වර්ග හරහා පාකිස්තානීය ආහාර සංස්කෘතියේ පොහොසත් බව පිළිඹිබු වන බවත්, Arcade Independence Square හි පස්වැනි ශාඛාව විවෘත කිරීම මගින් තවත් විශාල පාරිභෝගික පිරිසකට මෙම රසයන් අත්විඳීමට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටක් සඳහන් කළේය. ඉදිරියටත් සිය ප්‍රමිතිය, සාම්ප්‍රදායික වටිනාකම් සහ පාකිස්තානීය ආගන්තුක සත්කාරයේ ඇති සුවිශේෂීයත්වය ආරක්ෂා කරගැනීමට කැපවන බව ද ඔහු කියා සිටියා.

    කොළඹ නගරයේ පාරිභෝගිකයන් විවිධ විදේශීය ආහාර වර්ග සහ අලුත් සූපවේදී අත්දැකීම් විඳගැනීමට ප්‍රිය කරන අතර ඒ වෙනුවෙන් මෙම ව්‍යාප්තිය සිදුවීම විශේෂත්වයකි. විශ්වාසනීය පාරම්පරික වට්ටෝරු, සූපවේදීන්ගේ කුසලතාව සහ සුහදශීලී සේවාව එකට එක් කරමින්, පාරිභෝගිකයින් එකතු කරගනිමින් පාකිස්තානීය රසයන් විඳගත හැකි ආකර්ෂණීය ස්ථානයක් බවට පත්වීමට Khayaban අපේක්ෂා කරයි.

    Food Studio ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Nadeem මහතා අදහස් දක්වමින් කියා සිටියේ Khayaban යනු Food Studio ආයතනයට ඉතා සමීප සහ සුවිශේෂී සන්නාමයක් බවයි. තමා සහ Naveed එකතුව Food Studio ආරම්භ කරමින් විවිධ සංස්කෘතීන්වල ආහාර එකම ස්ථානයකට ගෙන ඒමට කටයුතු කළ මුල් කාලයේදී එනම් 90 දශකයේදී කොළඹ නගරයේ Khayaban තැබූ සලකුණ පිළිබඳව නැවත මතක් වූ බවත්, ඒ මතකයත් සමග නවුෆර් මහතා සම්බන්ධ කරගනිමින් කාලයකට පසු මෙම සන්නාමය නැවත සක්‍රීය කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය. එම යළි ආරම්භයෙන් පසුව පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය පිළිබඳව තමා අතිශයින් සතුටට පත්වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    One Galle Face හි ප්‍රධාන ශාඛාවේ සිට Cool Planet කිරුළපන සහ නුගේගොඩහි පිහිටි ශාඛා දෙක දක්වා වර්ධනය වූ Khayaban, අලුතින්ම Independence Arcade හි food truck රථයක් විවෘත කරමින් සිය පස්වැනි පියවර තැබීම සුවිශේෂී ජයග්‍රහණයක් වනවා. එමගින් කොළඹ 07 වැනි ප්‍රධාන පරිශ්‍රයක, වඩාත් පහසුවෙන් ළඟා විය හැකි, උද්‍යෝගිමත් මෙන්ම මීට පෙර අත්නොවිඳි නව්‍ය මුහුණුවරකින් පාරිභෝගිකයන් අතරට යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.

    Food Studio හි මූලික අරමුණ වන්නේ ශක්තිමත් අනන්‍යතාවක් සහිත සන්නාමයන් පෝෂණය කරමින් ඒවා පාරිභෝගිකයන්ට තවත් සමීප කිරීම බවත්, Khayaban පැමිණි ගමන පිළිබඳව ආඩම්බර වන අතරම මෙය දීර්ඝ ගමනක ආරම්භයක් පමණක් බව හැඟෙන බවත් නදීම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඉදිරියටත් කොළඹ නගරයේ විවිධ ප්‍රදේශ වෙත Khayaban ගෙන යමින්, අතීත මතකයන් මෙන්ම වර්තමාන කොළඹ ආහාර සංස්කෘතියට බෙහෙවින් ගැලපෙන සන්නාමයක් ලෙස පාරිභෝගිකයන් අතර රැඳී සිටීමට අපේක්ෂා කරන බව ද  ඒ මහතා පැවසීය.

    සාම්ප්‍රදායික උරුමයන් රැකගනිමින් නව ක්ෂේත්‍රයන් කරා ගමන් කරන Khayaban, පාරම්පරික රසයන් සහ පාකිස්තානීය සූපවේදීන්ගේ කුසලතාව මුසු කරමින් කොළඹ විවිධ ආහාර වර්ග අත්හදා බැලීමට ප්‍රිය කරන ජනතාවට අමතක නොවන අත්දැකීම් ලබා දීමේ සිය ගමන සාර්ථකව ඉදිරියටම ගෙන යයි.