ආර්ථික සංගණනය 2025/26, කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීමේ කටයුතු සඳහා තම ආයතනයට හෝ නිවසට පැමිණෙන නිලධාරී්න්ට නිවැරදි තොරතුරු ලබා දී මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දෙන ලෙස ජන ලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය සඳහන් කළාය. අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය ව්‍යුහය සහ අනාගත සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් ආර්ථික සංගණනය 2025/26 යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම් සිදු කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ මෙම සංගණනය සිදු කරනු ලබන අතර මෙහි ගණන් ගැනීමේ කටයුතු 2026 ඔක්තෝම්බර් මස 01 සිට දෙසැම්බර් මස 15 දක්වා දිවයින පුරා සිදු කෙරේ.
මෙවර සංගණනයේදී සාම්ප්‍රදායික මුද්‍රිත ප්‍රශ්නාවලි වෙනුවට CAPI ( Computer -Assisted Personal Interviewing) තාක්ෂණය සහ ටැබ්ලට් පරිගණක භාවිත කරමින් දත්ත රැස් කිරීම සිදු කරයි.
සංණනය මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය පිළිබඳ පුළුල් හා විශ්වාසනීය දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ගොවීන් සහ ගොවි කාණ්ඩ , ඉඩම් හා වගා භූමි, කෘෂිකාර්මික යෙදවුම්, පශු සම්පත් , කෘෂිකාර්මික යටිතල පහසුකම් ආදී විවිධ අංශ ආවරණය වන තොරතුරු රැස්කිරීමට නියමිතය.
විශේෂයෙන්ම මෙවර ආර්ථික සංගණනය 2025/26 ( කෘෂිකාර්මික කටයුතු) මගින් මහ කන්නය සහ 2026 යල කන්නය ආවරණය වන පරිදි කෘෂිකාර්මික ක්ෂේත්රය පිළිබඳ යාවත්කාලීන දත්ත රැස්කිරීමට අපේක්ෂා කෙරේ.