පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ‘ Delmege ‘ සන්නාමය යටතේ වායු සමීකරණ යන්ත්‍ර, ස්විච සහ සොකට් වෙළඳපොළට

    October, 8, 2026

    Delmege & Forsyth Co. Ltd. ප්‍රමුඛතම ව්‍යාපාරික අංශයක් වන "Delmege Building Products", සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම 'Delmege' වායු සමීකරණ යන්ත්‍ර මෙන්ම උසස් ප්‍රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

    වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විසඳුම් පිරිනමමින්, විශ්වාසනීය 'එකම වහලක් යටින් සියල්ල ලබාගත හැකි ස්ථානයක්' (One-stop destination) ලෙස සිය වෙළඳපොළ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම මෙම නව නිෂ්පාදන එළිදැක්වීමේ ප්‍රධාන අරමුණයි.

    මෙම නව නිෂ්පාදන එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් Vallibel One සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය මෙසේ පැවසුවාය. Delmege Building Products හි මෙම ව්‍යාප්තිය, අපගේ පාරිභෝගිකයන්ට වඩාත් පරිපූර්ණ මෙන්ම පුළුල් සේවාවක් සැපයීමට යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ වෙළඳපොළ අවස්ථාවන්ට අනුකූලව ගොඩනැගිලි හා ජීවන රටා විසඳුම් ලබාදෙන විශ්වාසනීය ආයතනයක් ලෙස Delmege නාමය ගොඩනැගීම අපගේ අරමුණයි. වායු සමීකරණ යන්ත්‍ර, ස්විච සහ සොකට් වෙළඳපොළට හඳුන්වාදීම මෙම ගමනේ වැදගත් පියවරක්. අපගේ නිෂ්පාදන පෙළ පුළුල් කරන අතරම, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පාරිභෝගිකයන් වෙත පහසුවෙන් ළඟාවීමටත්, ඔවුන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප අවධානය යොමුකර තිබෙනවා. මෙමගින් පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් මෙන්ම උසස් වටිනාකමක් ලබා දීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා."

    නිවාස සහ වාණිජ පරිශ්‍ර සඳහා විදුලිබල කාර්යක්ෂම, කල්පවතින මෙන්ම විශ්වාසනීය සිසිලනයක් ලබා දීම වෙනුවෙන්ම “Delmege” වායු සමීකරණ යන්ත්‍ර නිර්මාණය කර ඇත. BTU 12,000, 18,000 සහ 24,000 යන ධාරිතාවලින් සමන්විත මෙම AC යන්ත්‍ර, ඉන්වර්ටර් තාක්ෂණය ඇතුළු අතිනවීන මෙවලම් භාවිතයෙන් විදුලි පාරිභෝජනය අවම කරමින් නිරන්තර සුවපහසුවක් ලබා දෙයි.

    තත්පර 30කින් ක්ෂණික සිසිලනය ලබාදීමේ (30-second rapid cooling) හැකියාව සහ සෙල්සියස් අංශක 55 දක්වා වූ අධික උෂ්ණත්වයන් යටතේ පවා විශිෂ්ට ලෙස ක්‍රියාකිරීමේ 'Extreme Climate Cooling' තාක්ෂණයෙන් මෙම යන්ත්‍ර සමන්විත වේ. තවද, රිමෝට් කන්ට්‍රෝලය පවතින ස්ථානයේ උෂ්ණත්වය හඳුනාගෙන ක්‍රියාත්මක වන 'I FEEL' Intelligent Temperature-Sensing තාක්ෂණය සහ සුළං ප්‍රවාහය නිවැරදිව පාලනය කරන Vector Precision Air Supply පද්ධතිය මගින් පාරිභෝගිකයාට උපරිම සුවපහසුවක් සහ සිසිලනයක් තහවුරු කරයි.

    මෙම වායු සමීකරණ යන්ත්‍ර සඳහා යොදාගෙන ඇති Gold Fin තාක්ෂණය මගින් විඛාදනයෙන් (Corrosion) වළක්වා දීර්ඝකාලීන කල්පැවැත්ම තහවුරු කරන අතර, Inverter තාක්ෂණය සහ Fuzzy Logic  මගින් සිසිලන අවශ්‍යතාවට අනුව විදුලිබල භාවිතය ස්වයංක්‍රීයව පාලනය කරයි. මීට අමතරව ECO Mode, Child Safety Lock, Auto Restart සහ විදුලි සැපයුම සීමිත අවස්ථාවලදී පවා ස්ථායීව ක්‍රියාත්මක වන GEN Mode වැනි අමතර පහසුකම් රාශියක් ද මෙයට ඇතුළත් වේ.

    Delmege වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙත මීටර් 3ක් දක්වා නොමිලේ සවිකර දීමේ සේවාව (Free installation), පළමු වසර තුළ නොමිලේ ලබාදෙන සේවා වාර 3ක් සහ ඉන්වර්ටර් කොම්ප්‍රෙසරය සඳහා වසර 5ක වගකීම් කාලයක් පිරිනමමින් උපරිම විශ්වාසනීයත්වයක් තහවුරු කිරීමට සමාගම කටයුතු කර ඇත.

    වායු සමීකරණ යන්ත්‍රවලට අමතරව, ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව, කල්පැවැත්ම සහ නවීන මෝස්තර එකමුතුවෙන් නිපදවන ලද නවතම ස්විච සහ සොකට් එකතුවක් ද Delmege වෙතින් හඳුන්වා දී ඇත. White, Gold සහ Black යන වර්ණවලින් ලබාගත හැකි මෙම නිෂ්පාදන, Glass-top ස්විච සහ Frameless මෝස්තරවලින් සමන්විතව නිමවා ඇත.

    තවද, මෙම ස්විච සහ සොකට් නිෂ්පාදන සඳහා SLSI ප්‍රමිති සහතිකය හිමිව ඇති අතර, නිවාස හා වාණිජ පරිශ්‍රවල වැඩි ආරක්ෂාව උදෙසා උසස් ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සමන්විත 13A Double-Pole Sockets ද මෙම නව නිෂ්පාදන එකතුවට ඇතුළත් කර ඇත.

    මෙම නව නිෂ්පාදන එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් Delmege Building Products හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත සෙනරත් මහතා මෙසේ පැවසීය. " Delmege වායු සමීකරණ යන්ත්‍ර සහ නව ස්විච හා සොකට් එකතුව වෙළඳපොළට හඳුන්වාදීම මගින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ගුණාත්මක විසඳුම් ලබාදීමට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වනවා. පාරිභෝගික අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි උසස් කාර්යක්ෂමතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව කැටි වූ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමට අප විශේෂ අවධානයක් යොමු කළා. එමෙන්ම, නිෂ්පාදනයේ ගුණාත්මකභාවයට අමතරව අප ලබාදෙන පසු අලෙවි සේවාව ද ඉතා වැදගත්. සවිකිරීමේ සේවා, නඩත්තු කටයුතු සහ දිවයින පුරා පැතිරුණු පසු අලෙවි සහාය හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට අප කැපවී සිටිනවා. මෙය හුදෙක් නිෂ්පාදන පෙළ පුළුල් කිරීමක් පමණක් නොව, ' Delmege ' විශ්වාසනීය නාමය යටතේ පාරිභෝගිකයාට වඩාත් සම්පූර්ණ සේවාවක් පිරිනැමීමට තැබූ තවත් වැදගත් පියවරක්."

    ජල රත්කරන යන්ත්‍ර (Water Heaters), ජල පම්ප, විදුලි පංකා , LED බල්බ, උණු වතුර පයිප්ප හා උපාංග ඇතුළු විදුලි මෙවලම් රාශියකින් සමන්විත Delmege Building Products ' නිෂ්පාදන එකතුව, මෙම නව හඳුන්වාදීම් සමඟින් තවදුරටත් ශක්තිමත් වන අතර, දිවයින පුරා ව්‍යාප්ත පසු අලෙවි සේවාව සමඟින් පාරිභෝගිකයන්ට නිරන්තර විශ්වාසනීය සේවාවක් සැපයීමට සමාගම බැඳී සිටී.