October, 12, 2026
ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර, එහි සාර්ථකත්වයෙන් අනතුරුව, ජපානයෙන් පිටත මෙම මෝටර් රථය හඳුන්වා දෙනු ලබන ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රථම වතාවට, RACCO මෝටර් රථය කොළඹදී එළිදැක්වීමට සමගාමීව, මහනුවර සහ ගාල්ල යන නගරවල ද එකම දිනයේ එකම වේලාවකදී RACCO මෝටර් රථය මහජනතාව වෙත හඳුන්වා දෙන ලදී. මීට පෙර මෙරට කිසිදු මෝටර් රථ සන්නාමයක් මෙවැනි කැපී පෙනෙන ප්‍රවේශයක් ගෙන නොමැති අතර මෙම අවස්ථාව BYD සන්නාමය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. මෙලෙස එකවර නගර තුනකදී මෙම රථය එළිදැක්වීම මඟින් තහවුරු වන්නේ, හඳුන්වාදීමේ පළමු දිනයේ සිටම එක් නගරයකට පමණක් සීමා නොවී, දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට RACCO මෝටර් රථය පහසුවෙන් ළඟා කර දීමට BYD සතු අඛණ්ඩ කැපවීමයි
ලෝකයේ අතිශයින්ම තරගකාරී සහ දැඩි ඉල්ලුමක් සහිත මෝටර් රථ වෙළඳපොළක් හිමි ජපානය තුළ ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීමෙන් අනතුරුව RACCO මෝටර් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීම විශේෂත්වයකි. ඉහළ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ පුළුල් ඉඩකඩ හා පහසුව නිසි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ජපානයේ පවතින දැඩි KEI වාහන ප්‍රමිතීන්ට අනුකූලව මෙම මෝටර් රථය විශේෂයෙන් නිර්මාණය කර ඇත. එරට වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසු මේ වෙනකොට RACCO මෝටර් රථ 1,500කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී ඇති අතර, එය මෙම රථය පිළිබඳව පාරිභෝගිකයින්ගේ සැබෑ විශ්වාසය මනාව පිළිබිඹු කිරීමකි. හුරුබුහුටි මෝටර් රථයක් වීම සහ ඉඩකඩ සහිත සුවපහසු අභ්‍යන්තරය යන විශේෂාංගවලින් යුතු මෙම RACCO මෝටර් රථය, මෙරට මාර්ගවලට ගැළපෙන ප්‍රායෝගික මෙන්ම උසස් වාහන සැමවිටම අගය කරන ශ්‍රී ලංකික රියැදුරන් අතරද ඉහළ පිළිගැනීමක් දිනා ගනු ඇතැයි BYD සහ John Keells CG Auto අපේක්ෂා කරයි.
මෙහිදී අදහස් දක්වමින් John Keells CG Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, “BYD RACCO මෝටර් රථය හඳුන්වා දීමත් සමඟ BYD සමාගම මෙරට පාරිභෝගිකයින් අතර දැනටමත් ජනප්‍රියත්වයක් දිනා ඇති KEI මෝටර් රථ කාණ්ඩය වෙත නිල වශයෙන් එක් වනවා. RACCO යනු පවුලේ භාවිතයට කදිම වාහනයක්. එය ඉතා කාර්යක්ෂම වන බැවින් ලාභදායී තේරීමක් වන අතරම, පවුලේ දෛනික අවශ්‍යතා මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවල වුවද විවිධ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වනවා. පුද්ගලික මෙන්ම ව්‍යාපාරික යන දෙඅංශයේම අවශ්‍යතා එකසේ සපුරාලන මෙම මෝටර් රථය මගින් පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් මෙරට තවත් බොහෝ දෙනෙකුට ළඟා කර දීමට අප සතු කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.” යනුවෙනි.
ජපානයේ දහස් සංඛ්‍යාත ගැනුම්කරුවන්ගේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් මෙම මෝටර් රථය අත්විඳීමේ අවස්ථාව දැන් ශ්‍රී ලංකීය පාරිභෝගිකයින්ට හිමි වී ඇත. තවද කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුරය, මොරටුව, මීගමුව, මඩකලපුව සහ යාපනය යන නගරවල පිහිටි BYD ප්රදර්ශනාගාර හරහා දැන් RACCO මෙරට පාරිභෝගිකයින්ට මිලදී ගත හැකිය. මෙම හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකා වෙළඳපොළ කෙරෙහි BYD හි අඛණ්ඩ ආයෝජනයන්හි තවත් වැදගත් පියවරක් සනිටුහන් වන අතර, මෙරට නව බලශක්ති ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස BYD හි නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වේ.




Video Story