October, 12, 2026
ඇමරිකානු අර්ථ ශාස්ත්රඥයින් දෙදෙනෙකු වන Robert E. Hall සහ Michael Woodford, 2026 ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ. Royal Swedish Academy of Sciences විසින් මේ බව අද (12) දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ උච්චාවචනයන් ස්ථාවර කිරීමට උපකාරී වන ආකාරය පිළිබඳව සිදුකළ "සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ ක්ෂුද්‍ර ආර්ථික පදනම්" (microeconomic foundations of macroeconomic stabilisation) පර්යේෂණය වෙනුවෙන් මොවුන් දෙපළ මෙලෙස ඇගයීමට පාත්‍ර වී තිබේ.
ආර්ථික විද්‍යාව උදෙසා පිරිනැමෙන මෙම සම්මානය සාමාන්‍යයෙන් Sveriges Riksbank Prize ලෙසින් හැඳින්වෙන අතර ඒ සමඟ Swedish crowns මිලියන 12ක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් හිමි වනු ඇත.
Video Story