October, 19, 2016
වසර 4ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 75ක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවමින්, දේශීය රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
සම්පූර්ණ නිෂ්පාදනයෙන් 60%ක් අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රේඩියල් සහ ඝන ටයර් නිෂ්පාදනය කරනු ලබන මෙම කම්හල හොරණ ප්‍රදේශයේ පිහිටුවීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයෙකු වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.