October, 19, 2026
2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්ය ප්රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ.
පසුගිය 2026 ජූලි - සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක් දක්වා 24%ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළ ද මෙම කාර්තුව තුළ දී සමාගමේ විකුණුම් පිරිවැය රු. බිලියන 64.62 සිට රු. බිලියන 94.84 ක් දක්වා 46%කින් ඉහළ ගොස් තිබීම සෘජු ලෙසම සමාගමේ මෙහෙයුම් ලාභයට බලපෑම් එල්ල කර තිිබේ. එහි ප්රතිඵලයක් ලෙස 2026 ජූලි - සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ දළ ලාභය රු. බිලියන 5.73 සිට රු. බිලියන 2.47ක් දක්වා 57%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව මෙම කාර්තුව තුළ දී සමාගම රු. මිලියන 295ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් රු. බිලියන 1.75 ක මූල්ය ආදායම හමුවේ මෙම කාර්තුවේ දී රු. මිලියන 962ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගමට හැකි වී ඇත.
2025 ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ දී රු. බිලියන 2.95ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක මෙම කාර්තුවේ දී රු. මිලියන 962ක් දක්වා බදු පසු ශුද්ධ ලාභය 67%ක පහළ යාමක් වාර්තා කර තිබේ.
එසේම මෙම තත්ත්වය තුළ 2026/27 මූල්ය වර්ෂයේ පළමු භාගයේ ලංකා IOC සමාගමේ බදු පසු ශුද්ධ ලාභය රු. බිලියන 5.28 සිට රු. බිලියන 2.48ක් දක්වා 52%කින් පහළ ගොස් ඇති බව මෙම මූල්ය වාර්තා සඳහන් කරයි.
පසුගිය කාර්තුවේ සමාගමේ ආදායම් ප්රකාශය පහතින් දැක්වේ.

Video Story