LIOC වැඩිපුර ජයපැන් බීමට සැරසෙයි

    April, 10, 2014

    ලංකා ඉන්දීය තෙල් සමාගම 2014 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී ලාභය පෙර කාර්තුවටත් වඩා වැඩිකරන ගෙන ඇතැයි එහි ප්‍රධානියා කියයි.

    අප සමග අදහස් දක්වමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වාලේ මහතා මේ බව පැවසීය.

    “මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේ ගිණුම් වාර්තා තවමත් එළියට දැම්මේ නැති වුණත් මෙවර ලාභය ගිය කාර්තුවටත් වඩා වැඩිබව කිව හැකියි.“

    යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේවෙතත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තිබෙන්නේ දැවැන්ත අලාභයකි.