October, 21, 2026
ජාත්යන්තර ඉදිකිරීම් ක්ෂේත්රයේ දශක පහකට ආසන්න අත්දැකීම් ඇති Sanken Overseas (Private) Limited සමාගම, SANKEN GEN (PRIVATE) LIMITED ලෙස නව නාමයකින් සමූහයේ ප්රධාන සමාගම බවට පත් කර තිබේ. ඒ අනුව, සමූහයේ විදේශීය ඉදිකිරීම් කටයුතු, දේපළ සංවර්ධන ව්යාපාර සහ ඒ ආශ්රිත අනෙකුත් ව්යාපාර එක් ප්රධාන සමාගමක් යටතට ගෙන එමින්, SANKEN GEN ස්වාධීන ජාත්යන්තර ව්යාපාරික සමූහයක් ලෙස ස්ථාපිත කර ඇත.
1977 වසරේදී ජපානයේ Mitsui Construction Company සමාගමේ ශ්රී ලංකා ශාඛාව ලෙස ආරම්භ වූ මෙම ව්යාපාරික සමූහයේ හිමිකාරිත්වය සහ නායකත්වය 2020 වසර වන විට සම්පූර්ණයෙන්ම ශ්රී ලාංකික වෘත්තිකයන් සතු විය. මාලදිවයින, සීෂෙල්ස්, ඉන්දියාව, බංග්ලාදේශය සහ කෙන්යාව ඇතුළු රටවල් රැසක සිවිල් ඉංජිනේරු, වාණිජ සංවර්ධන සහ ඉදිකිරීම් ව්යාපෘති ක්රියාත්මක කරමින් සමූහය ජාත්යන්තර වශයෙන් විශ්වාසනීය නාමයක් දිනාගෙන තිබේ.
පසුගියදා කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී පැවති නව සන්නාමය එළිදැක්වීමේ විශේෂ උත්සවයේදී SANKEN GEN (PRIVATE) LIMITED සමාගම සිය නව දැක්ම සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කළ අතර, මෙතෙක් සාර්ථකව නිම කළ ප්රධාන ව්යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. පසුගිය වසර පහ තුළ රටවල් හතක ඇමෙරිකානු ඩොලර් මිලියන 900කට ආසන්න වටිනාකමකින් යුත් ව්යාපෘති ක්රියාත්මක කර ඇති සමාගම, එමඟින් ශ්රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් උපයා දී ඇත.
නව ආයතනික ව්යුහය යටතේ සමූහයට අයත් සෑම සමාගමක්ම පොදු මඟපෙන්වීමක් සහ පාලන ක්රමවේදයක් යටතේ එක්ව කටයුතු කරන අතර, සමාගම් අතර දැනුම, අත්දැකීම් සහ විශේෂඥතාව හුවමාරු කරගැනීමට ද අවස්ථාව සැලසේ. SANKEN GEN යන නාමයේ ‘GEN’ යන්නෙන් පරම්පරා, දැනුම සහ ආයතනය ගොඩනැඟුණු මූලධර්ම සංකේතවත් වේ. එමෙන්ම, ‘මූලාශ්රය’ හෝ ‘ආරම්භය’ යන අරුත් දෙන ජපන් වචනයක් ද මෙම නාමයට පදනම් වී ඇත.
සමූහයේ දශක පහකට ආසන්න ගමන්මඟ පුරා එහි වර්ධනයට දායක වූ SANKEN GEN සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා අදහස් දක්වමින්,
“Sanken සමාගමේ සැබෑ ශක්තිය ගොඩනැඟී ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන්, ව්යාපාරික හවුල්කරුවන් සහ උපදේශකවරුන් සමඟ පවතින අන්යෝන්ය විශ්වාසය මතයි. පසුගිය වසර 50 තුළ අපව මෙතෙක් රැගෙන ආ මූලික වටිනාකම් සහ ප්රතිපත්ති, ඉදිරි වසර 50 තුළත් අපගේ ගමනට ශක්තිමත් පදනමක් වනු ඇතැයි විශ්වාස කරනවා,” යනුවෙන් පැවසීය.
SANKEN GEN ප්රධාන විධායක නිලධාරී ඉංජිනේරු මෙවන් ගුණතිලක මහතා සඳහන් කළේ, සමාගමේ දියුණුවට එහි සේවක පිරිස ප්රධාන ශක්තියක් වන බවයි. නව තාක්ෂණය සමඟ ඉදිරියට යමින් සමාගමේ හැකියාවන් වැඩිදියුණු කිරීම, ජාත්යන්තර ව්යාපාර තවදුරටත් පුළුල් කිරීම සහ ඉදිකිරීම් ක්ෂේත්රයෙන් ඔබ්බට නව ව්යාපාරික ක්ෂේත්රවලට පිවිසීම තුළින් දිගුකාලීන වර්ධනයක් අත්කරගැනීම සිය අපේක්ෂාව බව ද ඔහු පෙන්වා දුන්නේය.
වර්තමානයේ SANKEN GEN සමූහය ඉන්දියානු සාගර කලාපය, නැගෙනහිර අප්රිකාව සහ ආසියා පැසිෆික් කලාපය ආවරණය වන පරිදි රටවල් 10ක සිය ව්යාපාරික කටයුතු පවත්වාගෙන යයි. ඉදිකිරීම්, දේපළ වෙළෙඳාම්, සංචාරක හා ආගන්තුක සත්කාරක සහ ඒ ආශ්රිත සේවා ක්ෂේත්රවල නිරත වන සමූහය, සිය සමාගම් අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් ජාත්යන්තර වෙළෙඳපොළ තුළ නව අවස්ථා උදාකර ගැනීමට අපේක්ෂා කරයි.
Video Story