ලෝටස් හයිඩ්‍රෝ පවර් වෙතින් තවත් අතුරු ලාභාංශයක්

    October, 19, 2016

    කොටසකට සත 50 බැගින් වූ අතුරු ලාභාංශයක්, ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී විසින් අද (19) දිනයේ දී නිවේදනය කරන ලදී. සමාගමේ හිමිකාරීත්වයේ සිදුවූ වෙනසින් පසු ප්‍රකාශයට පත් වූ පළමු ලාභාංශ නිවේදනය මෙය වේ.

    මීට පෙර 2016/17 මූල්‍ය වර්ෂය වෙනුවෙන් කොටසක් සඳහා සත 30 බැගින් වූ පළමු අතුරු ලාභාංශය, 2016 ජූනි 14 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. බ්‍රවුන්ස් හයිඩ්‍රෝ පවර් ලෙසින් හැඳින්වුණු මෙම සමාගමේ බහුතර කොටස් අයිතිය ලෝටස් රිනිවබල් එනර්ජි සමාගම විසින් අත්පත් කර ගනු ලැබුවේ 2016 ජූනි 13 වන දිනයේ දීය.

    අද දින ගනුදෙනු අවසානයේ දී ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී හි කොටසක ගනුදෙනු මිල රු. 6.80 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව අර්ධ වර්ෂයක් තුළ 11% ක් ඉක්මවූ ලාභාංශ ඵලදාවක් ලබා දීමට ලෝටස් හයිඩ්‍රෝ පවර් සමත් වී තිබේ.